(ඉන්දිකා රාමනායක)
ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයට පවුම් 38 ක රන් තැටියක් පූජාකිරීම සම්බන්ධයෙන් ප‍්‍රධාන පේලේ මත්කුඩු ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන ඉන්දියාවේ දී මියගිය අංගොඩ ලොක්කාගේ බිරියගෙන් ප‍්‍රකාශයක් ලබා ගැනීමට නියමිත බව කොළඹ අපරාධ කොට්ඨාසය ආරංචි මාර්ග පවසයි.
ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ තිබු පවුම් 38 ක රන් තැටියක් අතුරුදන් වී ඇති බව කියන සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාලව මෙම ප්‍රශ්න කිරීම සිදුකිරීමට නියමිතය.
අංගොඩ ලොක්කාගේ බිරිය විසින් 2019 ජුලි මස කතරගම පෙරහැරට පැවති අවස්ථාවක මෙම රන් තැටිය රුහුණු මහතා කතරගම දේවාලයට පූජා කර ඇති බවට විමර්ශන තොරතුරු හෙළිවි ඇතැයි ද පොලිසිය කියයි.
එම තොරතුරුවල සත්‍ය අසත්‍ය බව හෙළි කර ගැනීම සදහා ඇය මෙලෙස කැඳවා ඇති උසස් පොලිස් නිලධාරියකු පැවසීය
කොලොන්න ප‍්‍රදේශයේ පදිංචිකාරියක් වු මෙම කාන්තාවට කොළඹ අපරාධ කොට්ඨාසයට හමුවට පැමිණෙන ලෙසට දැනුම් දුන් බව උසස් පොලිස් නිලධාරියා කීය..
මෙම කාන්තාව පවුම් 38 ක් බර රන් තැටියක් දේවාලයට පුජා කළේ කුමණ හේතුවක් මත ද යන්න හෙළි කර ගැනීම සදහා පොලිසිය ප‍්‍රශ්න කිරීමට නියමිතව ඇත.
මෙම රන් තැටිය මීට වසර ට පමණ කාලය සිට අතුරුදන්ව ඇති බවත් , ඒ සම්බන්ධයෙන් පොලිසිය විමර්ශන ආරම්භ කර ඇත්තේ මීට සති දෙකකට පමණ ඉහතදී බවද පොලිිස් ආරංචි මාර්ග කියයි.
මේ සම්බන්ධයෙන් පොලිස්පති සී.ඞී වික‍්‍රමරත්න මහතා වෙත ලැබුණු තොරතුරකට අනුව කොළඹ අපරාධ කොට්ඨාසය විමර්ශන ආරම්භ කර ඇත.
කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජනක් නන්දන මහතාගේ අධීක්ෂණය යටතේ, නියෝජ්‍ය අධ්‍යක්ෂක සහකාර පොලිස් අධිකාරි නෙවිල් සිල්වා මහතා ගේ ප‍්‍රධානාත්වයෙන් පොලිස් කණ්ඩායමක් කතරගමට ගොස් පරීක්ෂණ ආරම්භ කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සෑම කෙනෙකුටම තමන් කැමති ආගමක් විශ්වාසයක් ඇදහීම මුලීක අයිතිවාසිකමක්. දැන් මේක මහ හතර බීරි කතාවක් පුජා කරපු මනුස්සයාගෙන් අහනවා මොකටද පුජා කලේ කියලා.
එතකොට වෙලේසුදා එක්ක කතරගම ගිය කට්ටියගෙන් ප්‍රශ්න කරන්නේ නැද්ද.?
අම්මෝ... වීරසේකර ඇමතිතුමාගෙ උපදෙස් වෙන්න ඇති. තැටිය නැතිවෙනකම් ඉඳල කට උත්තර ගන්න එන්න කියන්න ඇත්තෙ. එක රටක් එක නීතියක් කියලා කියන්නෙ මේකටද දන්නෙ නෑ..
අවුරුද්ද කට පෙර නැතිවෙලා. දැනුයි හොයන්නේ. ඒ අස්සේ දේවාලයට පූජා කරපු කෙනාගෙනුත් අහනවා. තව කොහොම දේවල් වෙලා ඇති ? කියන්න තියෙන්නේ "දෙයියන්ටම ඔප්පුවෙච්චාවේ" කියලා තමා.
මත් පොවලා විනාශ කරපු ජීවිත ගැන දන්න හින්දා අවසානයේ දෙවියන්ට වටිනා රන් තැටියක් පූජා කරලා හරි පව් වලින් බේරෙන්ඩ පුලුවන් කියලා හිතන්ඩ ඇති .
රන් තැටියක් දේවාලයට පුජා කළේ කුමණ හේතුවක් මත ද යන්න හෙළි කර ගන්න දෙයක් නැහැ කඳසුරිඳුන් නුත් ඕක දන්නවා. කුඩු ගහන්න රත්කරගත් තැටියක් අවශ්‍ය වෙනවා.
මෙම කාන්තාව පවුම් 38 ක් බර රන් තැටියක් දේවාලයට පුජා කලේ කාටවත් නොලැබුන තරමේ දේවාර්ශීවාදය ලබා ගන්න. පොලීසියට මේකවත් තේරෙන්නේ නැද්ද. අනිත් එක ඒක නැතිවීම ගැන දෙයියන්ටවත් ගායක් නැත්නම් පොලිසියට ඇති රුදාව මොකක්ද?
ඔක්කොම හොඳ ව්‍යාපාරිකයෝ එහෙම තමයි .සාධාරණව උපයපු මුදලින් දෙවියන් පවා සතුටු කරවනවා .බල තල අතට ගත්ත අයත් එහෙමයි .දෙයියන්ට කියනවා අනේ අපි අහිස්නකයි .අපිව පරිස්සමින් බලා ගන්න .ඔබතුමාලට රත්තරනින් පුදන්නම් කියලා .හැබැයි දෙයියෝ අහනවද කියලා නම් දන්නේ නැහැ
ඔයිට වඩ නරකද දෙවියන්ව රහස් පොලිසියට කැඳවලා පාතල අපරාධ කාරයකු සමග කුලුපග වීම හා ඉතා වටිනාකමකින් යුතු තැටියක් බාරගැනීම ගැන ප්‍රශ්න කළා නම්...
රන් තැටියක් දේවාලයට පූජා කළේ කුමණ හේතුවකටද කියලා හොයනවාට වඩා වැදගත් මේක නැති වුනේ කොහොමද කියලා හොයන එක නේද? පේන විදියට වරදකරුවා වෙන්න යන්නේ පූජාව කළ කෙනා වගෙයි...
අංගොඩ ලොක්කාගේ බිරිය විසින් හෝ වෙන කවුරුන් විසින් හෝ කවර හෝ අරමුණකින් රන් තැටියක් පූජා කිරීම වරදක් නොවේ... දැන් ප්‍රශ්නය මේ රන්තැටිය නැතිවීම ගැනයි. ඒක හොයන්න. පූජා කළේ මන්ද යන කාරණාව අදාළම නැහැ. ලංකාවේ පොලිසිය විහිළු සපයන්න නම් ශූරයි.
කැකිල්ලේ රජු මතක් උනා
තේරෙනවනේ දෙවිියොත් අපරාධකාරයොත් අතර සහ සම්බන්ධය. හරයට දේ්ශපාලකයොයි පිරිත් නූල් බඳින උන්නාන්සෙලත් වගෙයි
අංගොඩ ලොක්කා හොඳ වැඩත් කරලා තියනවා වගේ .එත් බේරෙන්න බැරි උනා
වැඩේ කියන්නේ කටුගෙයි වටිනා පුරාවස්තු වලට වෙච්ච් දේ ගැන අහන්ඩ කෙනෙක් ඇත්තෙම නැහැනේ. ඒ කාලේ හිටියා කියන නාගරික සංවර්දන ඇමතිවත් දන්නෙත් නැති ලූ..?
ඔය රන්තැටිය කාටවත් නොදී එයට වැයවූ මුදල් නැතිබැරි අහිංසක දුප්පත් මහජනතාවගේ යහපතට යෙදෙව්වා නම් ඔවුන් පින් දෙනවා...
අර ඩේසී ආච්චිට මැණික් මල්ලක් දුන්නා වගේ මේකත් ඩේසි අච්චිටම දුන්නද දන්නේ නෑ.. අලුත් මුණුබුරන්ට බෙදන්න කියලා....
පණිවිඩකරුට වෙඩි තැබීම...සාමාන්‍ය....