IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


කඳවුරෙන් අතුරුදන් වූ සෙබළා බසයක් සොරාගද්දී මාට්ටු

(ආනන්ද ඉ ජයකොඩි)

කළගෙඩිහේන ප්‍රදේශයේ හෝටලයක් අසල නවතා තිබූ රුපියල් ලක්ෂ පනහක් පමණ වටිනා බස් රථයක් අද (29) පාන්දර සොරා ගෙන යමින් සිටි සැකකාර සෙබළෙක් අවට සිටි  පිරිසක් විසින් අල්ලා භාර දුන් බව නිට්ටඹුව පොලීසිය පවසයි.

කළගෙඩිහේන හෝටලයක් අසල නවතා තිබූ එම හෝටල් හිමියාට අයිති බස් රථය පාන්දර 01 ට පමණ සොරා ගෙන යද්දී ඒ ආසන්නයේදීම පිරිසක් විසින් සොරා ගෙන ගිය බව කියන පුද්ගලයා අල්ලා භාර දුන් බවද පොලීසිය කීය.

අල්ලා දුන් පුද්ගලයා බෙම්මුල්ල කඹුරුගොඩ ප්‍රදේශයේ පදිංචි කුරුණෑගල බෝයගොඩ හමුදා කදවුරට අනුයුක්ත සෙබලෙකු බවට පරීක්ෂණවලදී හෙළි වී ඇති බව ද පොලීසිය කියා සිටියේය.

මොහු පොලීසියට භාර දුන් අවස්ථාවේ තුවාල ලබා සිටි හෙයින් වතුපිටිවල මූලික රෝහලට ඇතුළත් කළ බවද පොලීසිය කීය.

මොහු ඉකුත් 27 වනදා සිට හමුදා කඳවුරෙන් අතුරුදහන් වී සිටි බවද පොලිස් පරීක්ෂණ වලදී හෙළි වී ඇත.

මොහු බස් රථය සොරා ගෙන යාම කර ඇත්තේ කුමක් සදහාද යන්න පොලීසිය පරීක්ෂණ පවත්වා ගෙන යයි.

බස් රථයද පොලීසිය භාරයට ගෙන ඇත.

ගම්පහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජගත් රෝහණ හා අත්තනගල්ල සහකාර පොලිස් ප්‍රසාද් ප්‍රනාන්දු යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි නිට්ටඹුව වැඩ බලන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්දන කුමාර මහතා ප්‍රමුඛ එහි පොලිස් නිලධාරීන් පිරිසක් වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යති.



අදහස් (0)

කඳවුරෙන් අතුරුදන් වූ සෙබළා බසයක් සොරාගද්දී මාට්ටු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 579 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 728 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 307 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site