
( සිතුම් චතුරංග)
හෙරෝයින් යුද හමුදා කඳවුර තුළට රැගෙනගිය ලාන්ස් කෝප්‍රල්වරයකු අද (30) වවුනියාව සෙට්ටිකුලම ගජසිංහපුර යුද හමුදා කඳවුරේදඅත්අඩංගුවටගත් බව සෙට්ටිකුලම පොලිසිය කියයි.
සෙට්ටිකුලම ගජසිංහපුර 213 බලසේනා මූලස්ථානයේ යුදහමුදා නිලධාරීන් පිරිසක් විසින් සැකකාර කොප්‍රල්වරයා පරීක්ෂා කිරීමේදී හෙරෝයින් සමග හසුවී ඇති බවද පොලිසිය පැවසීය.
අත්අඩංගුවටගත් සැකකාර යුද හමුදා සෙබලා නිවාඩු ලබා පැමිනෙන විට කඳවුර තුළට හෙරෝයින් මත්කුඩු රැගෙනවිත් ඇති බවත් එම මත්කුඩු කඳවුර තුළ අලෙවි කිරීම සඳහා රැගෙන ආවේද යන්න විමර්ශන සිදුකරන බව පොලිසිය පැවසීය. සැකකරු මහරගම ප්‍රදේශයේ පදිංචි 55 හැවිරිදි පුද්ගලයකු වන අතර වවුනියාව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. සෙට්ටිකුලම පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි'

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd