
කාසල්රී ජලාශය වාන් දැමීම
(ශාන්ත චන්ද්‍රසිරි)
උඩරට මධ්‍යම කඳුකරයේ ජලවිදුලි බලාගාර ආශ්‍රිත ජල පෝෂක ප්‍රදේශයනගේ පවතින අධික වර්ෂාව හේතුවෙන් උඩරට ජලාශ කීපයක වාන් දොරටු අද (04) දිනයේ විවෘත කර තැබීමට ජලාශයන් භාර ඉංජිනේවරු පියවර ගෙන තිබිණි.
ඉහළ කොත්මලේ, කාසල්රී සහ විමලසුරේන්ද්‍ර යන ජලාශයන්ගේ වාන් දොරටු මෙසේ විවෘත කර තිබිණි.
එම ජලාශයන්ගේ පහල ගංගා ප්‍රදේශවල මේ හේතුවෙන් ජල මටටම් ඉහළ යාමේ අවධානමක් මතුව ඇති බැවින්, ජලාශ පහල ගංගා දෙපස පදිංචි ජනතාව වඩාත් අවධානයකින් කටයුතු කරන ලෙස නුවරඑළිය දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂ රංජිත් අලහකෝන් මහතා ඉල්ලා සිටී.

විමලසුරේන්ද්‍ර ජලාශය වාන් දැමීම

ඉහළ කොත්මලා ජලාශය වාන් දැමීම
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වාන් දොරවල් වහන්න අමතක වෙයිද දන්නෙ නෑ ඉංජිනේරු මහතවරුන්ට. මොකද තව සතියෙන් කියයි විදුලිය සඳහා ජලය මදි පෞද්ගලික බලාගාරවලින් මිලදී ගන්න ඕන කියලා. එතකොට නෙ මඩිය තර වෙන්නෙ රටට හෙන ගැහුවත්
ජලාශ පිරිලා නම් විදුලිය කපන්නේ කුමටද?