(උපාලි ආනන්ද)
අනුරාධපුර ශික්ෂණ රෝහලේ ගිනුම් අංශයේ කාන්තා වැසිකිලියේ සී.සී.ටී.වී කැමරාවක් සවි කර කාන්තාවන්ගේ දර්ශන රූ ගත කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය හමුවේ චෝදනා ලැබ සිටි සැකකාර වෛද්‍යවරයා එකී චෝදනාවෙන් නිදොස් කොට නිදහස් කරන්නැයි අනුරාධපුර පූර්වාගාමි ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් හා අතිරේක දිසා විනිසුරු ජනක ප‍්‍රසන්න සමරසිංහ මහතා නියෝග කළේය.
ඒ මෙම සැකකාර වෛද්‍යවරයාට එරෙහිව පැමිණිලි පාර්ශවයට නඟා ඇති චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කිරීමට පැමිණිළි පාර්ශවය අසමත්ව ඇති බවට ප‍්‍රධාන මහේස්ත‍්‍රාත්වරයා නිගමනය කළේය.
සැකකාර වෛද්‍යවරයාට එරෙහිව මීට පෙර අනුරාධපුර මූලස්ථාන පොලිසියේ නඩු කටයුතු මෙහෙයුම් අංශය අධිකරණය හමුවේ නඩු පවරනු ලැබීය.
ඒ සැකකාර වෛද්‍යවරයාට එරෙහිව නඩු පැවරීමට තරම් අවැසි සාක්ෂි ඇති බවත් වෛද්‍යවරයාට එරෙහිව නඩු පවරන ලෙසත් නීතිපතිවරයා ලිඛිතව ලබාදී තිබු නීති උපදෙස් අනුවය.
අනුරාධපුර ශික්ෂණ රෝහලේ ගිනුම් අංශයේ කාන්තා වැසිකිලියේ සවි කර තිබූ බව කියන පසුව පොලිස් බාරයට ගත් සි.සි.ටී වී කැමරාවේ දත්ත කොළඔ බන්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලාවේ හදිසි ප‍්‍රතිචාර සංසදයේ මෙහෙයුම් කළමනාකරුට යවා ඒ සම්බන්ධයෙන් වාර්තාවක් අධිකරණයට කැදවන්නැයි මීට පෙර අධිකරණය පොලිසියට නියෝග කර තිබු අතර එකී නියෝගයට අනුව අදාල වාර්තාද පොලිසිය මගින් අධිකරණයට ඉදරිපත් කරනු ලැබීය.
මෙසේ නිදොස් කොට නිදහස් කර මුදා හැරියේ දිනූෂ සේරංග විජේවර්ධන නැමැති 27 හැවිරිදි විවාහක වෛද්‍යවරයෙකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ රටේ දොස්තරලා ඔය වගේ කැතවැඩ කරන්නේ නැහැ. සංගමේ ලොක්කාගෙන් අහලා බැලුවොත් කියාවි...!
ඒ කැමරාවේ තිබුණු දත්ත අපිට බලන්න බැරිද?
පාදෙණියලාගේ පවර්ස් තමයි එහෙනම් ...