(බිඟුන් මේනක ගමගේ) 

කාන්තා දේශපාලන සහභාගීත්වය තවදුරටත් වර්ධනය කෙරෙන අයුරින් මැතිවරණ පද්ධති ප්‍රතිසංස්කරණ පනත් කෙටුම්පතක් සැකැසීමට මාර්තු 12 ව්‍යාපාරය පියවර ගෙන ඇත. 

2018 පළාත් පාලන මැතිවරණයේදී යොදාගත් 25% කාන්තා කෝටාව ඔස්සේ කාන්තා දේශපාලනය සජීවී තලයකට ගෙනඒමේ අරමුණෙන් මහජන අදහස් ලබාගනිමින් මෙම වැඩපිළිවෙල දියත් වෙන බව එහි කැඳවුම්කරුවකු වන රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවැසීය.

තේමා හතරක් ඔස්සේ දිස්ත්‍රික්ක 23 ක මහජනතාවගෙන් ඒ සඳහා දැනටමත් අදහස් ලබාගෙන ඇතැයි ද හෙට්ටිආරච්චි මහතා කීය.

දේශපාලනයට පිවිසීමේදී කාන්තාවන්ට තිබෙන සුවිශේෂී අභියෝග, ඒවා ජයගැනීමට ගත හැකි පියවර, 25% කාන්තා කෝටා ක්‍රමයේ අඩුපාඩු හා ඉදිරි මහමැතිවරණයේදී කාන්තා නියෝජනය වැඩි කිරීමට ගත හැකි පියවර එම තේමා වේ. 

මෙසේ ලබාගන්නා අදහස් සංග්‍රහ කර යෝජනා මාලාවක් සැකැසෙන්නේ යැයි ද හෙට්ටිආරච්චි මහතා වැඩිදුරටත් සඳහන් කළේය.