(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකාවේ කාන්තා කටයුතු අමාත්‍යාංශය තාවකාලිකව තමා යටතට පවරා ගත්තේ ශ්‍රී ලාංකික කාන්තාවගේ මෙම බහුවිධ භූමිකා වඩාත් බලාත්මක කරමින් බලගතු ශ්‍රී ලංකාවක් ගොඩනැගීම සඳහා වන ගමනේදී මෙරට කාන්තාවන්ගේ උපරිම දායකත්වය ලබා ගැනීමේ අරමුණ ඇතිව බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
කළමනාකරණ හා දේශපාලන තීන්දු ගන්නා යාන්ත්‍රණයෙහි කාන්තා සහභාගීත්වය ඉහළ නැංවීමට රජය කැප වී සිටින අතර පාර්ලිමේන්තුවේ පමණක් නොව, රාජ්‍ය අංශය මෙන්ම පෞද්ගලික අංශයේ සියලු ක්ෂේත්‍රවල කාන්තා නියෝජනය ඉහළ නැංවීමේ පුළුල් වැඩපිළිවෙළ ක්‍රියාවට නංවා තිබෙන බව ජනාධිපතිවරයා කීය.
ස්ත්‍රී පුරුෂ සමාජභාවය, සමානාත්මතාවය සහ කාන්තාවන් සවිබලගැන්වීම පිළිබඳ පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අවශ්‍ය කටයුතු මේ වන විටත් සම්පාදනය කර ඇතැයි ද එතෙකින් නොනැවතී ජාතික කාන්තා කොමිසම නමින් ස්වාධීන කොමිසමක් පාර්ලිමේන්තු පනතක් මගින් ස්ථාපනය කිරීමට ද අපේක්ෂා කරන අතර ඔම්බුඩ්ස්වුමන් වරියක මෙන්ම වැවිලි හා ඇඟලුම් ආදි ක්ෂේත්‍රයන්හි අධ්‍යක්ෂ මණ්ඩලවලට කාන්තාවන් පත් කිරීමේ අවශ්‍යතාව හඳුනාගෙන තිබෙන්නේ යැයි ජනාධිපතිවරයා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විහාර දේවාලගම පනතෙ ඈති කන්තවන්ට නිලමෙ තනතුරුවලට තරග කිරිමට හ කන්ත නිලඩරිනියන්ට එම තනතුරුවලට පවත්වන චද විමසිමෙඩි චන්ඩය ඩිමට අති තහනම ඉවත් කල යුතුයි. නිතිය ඉදිරියෙ ගැහැනු පිරිමි ලෙස වෙනස්කොට සැලකිම වැරදියි. ආගම සංස්ක්‍රෘතිය විනාශ කරනව කියල සමහරු රෙදි උස්සගෙන එයි නමුත් මෙවනි තිරනයක් ගන්න ශක්තිය අති එකම පුද්ගලය රනිල් විතරයි
Good decision.රජයේ සේවිකාවන්ට පහසු සංවර ඇඳුමක් අඳින්න අවසර දෙන්න සාරිය නැතුව.ආණ්ඩුවට සත පහක දෙයක් යන්නෙ නෑ මේ ඉල්ලීම ඉටු කරල දෙන්න.
ජනාධිපති කම කාන්තාවකට දීල කාන්තා ඇමති කම තියාගත්තා නම් නේද හොඳ?
ඉස්සර අන්තප්පුර බලා ගන්න දුන්නෙත් ඔහොම අයට තමා
මේ වගේ කතා කියන සූත්තර පුන්චෙක් ලැබීම කොච්චර දෙයක්ද ?බලන්නකෝ මෙයා එජාපෙත් කාන්තාවන්ට කොච්චර තැනක් දීලා තියනවද කියලා.අන්තිමට ඒක නැති කරලම දාන්න තියන දක්ෂ කමට .134 ට සාප වේවා
ඇම්ඩට නම් හොඳටම පිස්සු වගේ
අයියෝ, අරයාට කිව්වා නම් ඔයාට සාරි කීපයකුයි, ගවුමුයි ගෙනත් දෙනවානේ මම...!
අමතිකම විද්‍යනුකුලව ගැලපෙනව , මම නම් මෙකෙ කිසිම වරදක් දකින්නෙ නැහැ ,කාන්ාවන්ගෙ සිතුම් පැතුම් හදුනන්න , කාන්තාවක් වගෙම මනුස්සය,