(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකාවේ කැනඩා මහකොමසාරිස් එරික් වොල්ෂ් මහතා කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා හමුවී සාකච්ඡා පැවැත්වීය.
පසුගිය දිනවල පැවති මැතිවරණයෙන් ලැබූ ජයග්‍රහණය වෙනුවෙන් කැනඩා අග්‍රාමාත්‍යවරයාට කතානායකවරයා සිය සුබ පැතුම් එක් කළේය. එසේම කැනඩා ජනතාවට ද උණුසුම් සුබ පැතුම් පළ කළ කථානායකවරයා දශක හයකට අධික කාලයක් මුළුල්ලේ කැනඩාව සහ ශ්‍රී ලංකාව අතර පවතින දිගුකාලීන හා මිත්‍රශීලී සබඳතා පිළිබඳවද මෙහිදී සිහිපත් කළේය.
එමෙන්ම කථානායකවරයා ශ්‍රී ලංකාවේ සංවර්ධන කටයුතු වෙනුවෙන් කැනඩාව ලබා දෙන අඛණ්ඩ සහයෝගය පිළිබඳව සිය කෘතඥතාව පළ කළේය. මහවැලි ව්‍යාපෘතිය, තාක්ෂණික හා වෘත්තීය අධ්‍යාපනය, බිම්බෝම්බ ඉවත් කිරීම සහ සාමය ගොඩනැගීම වෙනුවෙන් කැනඩාවේ දායකත්වය පිළිබඳව කථානායකවරයා සිහිපත් කළේය. තවද ශ්‍රී ලංකාවේ මෑත කාලීන ආර්ථික අර්බුදය සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ගත් උත්සාහයන්හිදී කැනඩාව ලබාදුන් සහයෝගය සම්බන්ධයෙන්ද කථානායකවරයා සිය ස්තුතිය පළකර සිටියේය.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
කැනඩා මහකොමසාරිස් - කතානායක අතර හමුවක්