
(රේඛා තරංගනී ෆොන්සේකා)
මෙරටුව එගොඩ උයනේ වසා දමා ඇති කර්මාන්ත ශාලා භූමියක ගාල් කර තිබූ ක්න්ටේනර් රථයක රෝද 11ක් සහ තවත් උපාංග රැසක් සොරාගත් බව කියන සිව් දෙනකු සැකපිට අත්අඩංගුවට ගත් බව මොරටුව එගොඩ උයන පොලිසිය කියයි.
පැහැරගත් එම රෝද බසයකට සහ ලොරි රථයකට සවිකර තිබියදී එම බස් රථය සහ ලොරිය කොට උඩ තබා රැගෙන ආ බව පොලිසිය පවසයි.
ක්න්ටේනරයේ ට්‍රේලරය කොට උඩ තබා එහි තිබූ රෝද ගලවා ගෙන ගොස් තිබූ අතර වසා දැමූ කර්මාන්ත ශාලාවේ තිබූ කොම්පෂර් යන්ත්‍රයක් , මෝටර් තුනක් ඇතුළු ලක්ෂ 15කට අධික වටිනාකමක් ඇති තවත් උපකරණ ද පැහැගෙන ගොස් තිබුණි.
ලී බඩුවලින් විවිධ භාණ්ඩ නිපදවා අපනයනය කරන කර්මාන්ත ශාලාවකට අයත් දෑ මෙසේ වරින්වර පැහැරගෙන ගොස් ඇතැයි ද පොලිසිය කියයි. මෙම කර්මාන්ත ශාලාව 2020 වර්ෂයේ සිට වසා දමා ඇතැයි පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් මොරටුව ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර සැකකරුවන් අතර වරෙන්තු කරුවන්ද සිටින බව පොලිසිය පවසයි.
2025 දෙසැම්බර් මස 30
26
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
706
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
335
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ක්න්ටේනරය කොට උඩ තබා රෝද ගලවාන යයි
Gunawardhana Friday, 24 February 2023 02:43 PM
ඔච්චර වටිනා බඩු තියෙන තැනක්, මුරකාරයෙක් ඉඳලා නැතිද?
Perera Friday, 24 February 2023 03:09 PM
රට කොට උඩ තියල ලංකාවෙ රෝද හතරයි එන්ජිමයි, අනික් එවයි ඔක්කොම හේශපාලුවන් ගලවන් ගිහින්.
Kumara Friday, 24 February 2023 08:59 PM
පුවන්නම් ගලෝපියව් කලිසමාගේ කලිසම ඌට නොදැනෙන්න.