IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


කන්ටේනර් සිද්ධියට බස්නාහිර ආණ්ඩුකාර සී.අයි.ඩී යයි

(කේ. බුද්ධික කුමාරසිරි)

ශ්‍රී ලංකා රේගුව විසින් නිදහස් කරන ලදැයි කියන කන්ටේනර් 323ක් සම්බන්ධයෙන් බස්නාහිර ආණ්ඩුකාරවරයා ලෙස තමන්ව ඉලක්ක කර හිටපු මහජන නියෝජිතයින් කිහිපදෙනෙක් සහ ඇතැම් සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් කිහිපදෙනෙක් ඍජුව සහ වක්‍රව එල්ල කොට ඇති චෝදනා පිළිබඳව විමර්ශනයක් සිදු කරන ලෙස ඉල්ලමින්  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළ බව බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යූසුෆ් මහතා පවසයි.

ඉකුත් දින කිහිපය තුළ එලෙස පදනම් විරහිතව සහ සිය කීර්ති නාමයට කැළලක් ඇති වන ලෙස  ඇතැම් දේශපාලඥයින් විසින් ප්‍රවෘත්ති සාකච්ඡා වලදීත්,,ඇතැම් පුද්ගලයින් සමාජ මාධ්‍යය තුළහ් සමාජගත කොට තිබූ තොරතුරද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දුන් බවද ඒ මහතා පැවසීය.

තමන් වෙත එල්ල වී ඇති චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන බවත් අදාළ චෝදනා පිළිබඳව විමර්ශනයක් සිදුකොට තමන්ට සාධාරණය ඉටු කර දෙන ලෙස ඉල්ලා මෙලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කළ බවත් ඒ මහතා පවසයි.



අදහස් (4)

කන්ටේනර් සිද්ධියට බස්නාහිර ආණ්ඩුකාර සී.අයි.ඩී යයි

යෝගා Friday, 31 January 2025 08:17 AM

හොරාගේ අම්මාගෙන් පේන අහනවා වගේ වෙයිද?

:       3       77

ආපහු මහමොලකරුවො හොයමු Friday, 31 January 2025 08:24 AM

කොහොමද ඒක...? අන්තිමට කන්ටේනර් ටිකත් ගෙන්නාගෙන, ඒව එලි කරපු මාධ්‍යවේදීන්ටත් කනට ගහල තමයි නවතින්නේ. ඔන්න ඔය වගේ පාහර වැඩ කර ගන්න තමයි අපරාධ පරීක්ශණ දෙපාර්තමේන්තුවට පාස්කු බෝම්බේ ලියුම මේසේ උඩ තියාගෙන ඉඳන් ඒක වෙන්න ඇරපු එකාව ලොක්කා කරේ. අගරදගුරු ඔයාට මේවා පේන්නේ නැද්ද? ඔය පෙට්ටි ඇතුලේ තිබ්බා ඒවගෙන් ආපහු කාලා, මෙතැන මහ මොලකරුවෝ හොය හොයා අඬන්න ලෑස්ති වෙන්න එපා ආපහු හොඳේ. වනාතවිල්ලුවේ වෙලාවෙත් අපි ඔහොම කියලා කුණුහරුපෙන් අපිට බැන්නේ...

:       5       58

Alfread Friday, 31 January 2025 08:34 AM

රතු ලේබල් ගහපුවා නිදහස් කරේ. තාමත් ඒ සමාගමේ වෙබ් සයිට් එකේ ඩිරෙක්ටර් ලිස්ට් එකේ ඔයාගේ නම තියෙනවා. ඔය මූණත් තහඩුවත් එක්කම. අවුරුදු ගානක් වැඩ කරපු සමාගමට පොඩි සප් එකක් දුන්නු බව නොතේරෙන්න ලංකාවේ ඔක්කෝම ජෙප්පො වගේ මෝඩයෝ කියලා හිතුවද? මේ ඔයාටත් පුත්තු එහෙම ඉන්නවාද දන්නෙ නෑ නේ? කාත්තන්කුඩි පැත්තේ?

:       4       47

සන්ක Friday, 31 January 2025 01:21 PM

විපක්ෂය නගන චෝදනා තනිකරම බොරු බව රේගු අධ්‍යක්ෂ ඊයේ මාධ්‍ය හමුවකට ප්‍රසිද්ධියේ කිව්වේ. මේ රට ආන්ඩු කරණය මාලිමාව ඇමැතිලා 21ක් දෙනෙකුට සීමා කරලා හොරකම සත පහක් නැතුව රට කරගෙන යන එක ලෝකෙටම ආදර්ශයක්. ඉතින් දැන් මුළු විපක්ෂයම යන එනමන් නැතුව ඉන්නේ. අනේ රටවැසියන්ට නම් කෝටියක් වටිනවා...

:       37       12

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 518 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 264 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1064 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site