
(සුජිත් හේවාජුලිගේ)
රේගු නිෂ්කාශනයේදී වරදක් සිදුව ඇති බව බහාලුම් තුන් සිය නවයක් නිසි පරීක්ෂාවකින් තොරව මුදා හරින ලදැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් කරුණු සොයා බැලූ ජනාධිපති කමිටුව පෙන්වා දී ඇතැයි වරාය නාවික සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවසීය.
ජනාධිපතිවරයා ඒ සම්බන්ධයෙන් ඉදිරියේදී යම් තීරණයක් ගනු ඇතැයිද ඔහු සඳහන් කළේය.
විපක්ෂයේ පිරිසක් ඔවුන්ගේ පරණ පව් වසා ගැනීමට මෙම සිද්ධිය ජරා විදියට දේශපාලනයට යොදා ගැනීමට ගොස් පච වුණු බව පැවසූ අමාත්‍යවරයා සිද්ධියේ සියලු සුලමුල ඉදිරියේදී හෙළිවනු ඇතැයිද සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිලධාරින් පිටින් දාලා පව් හෝදගන්න වෙන්නේ නෑ ලොක්කා මේ පාර. ලෑස්ති වෙලා ඉන්න වෙලාව එනකම්...
2024 නොවැම්බර් 14 වෙනිදා පැවැත්වූ මහ ශ්‍රමදානයේදී අතපසු වීමෙන් සමහර කුණු ගොඩවල් ඉවත් කරන්න බැරි වුණා, ඒ කුණු ගොඩවල් දැන් සමාජය ගඳ ගස්සමින් හා ලෙඩ රෝග පතුරුවමින් රට තුළ අවුල් සහගත තත්වයක් නිර්මාණය කරන්න. ඒ නිසා වහාම මේ කසළ ගොඩවල් දේශපාලනයෙන් ඉවත් කරන්න ආණ්ඩුව මැදිහත් විය යුතුයි...!
කියව කියවා ඉන්නේ නැතුව පරීක්ෂණ කරන්න. හැමෝම කියවනවා විතරයි... පරණ ආණ්ඩුවක කාලේ වුණානම් මෙලහට අපිටත් කනක් ඇහිලා ඉන්න නැහැ.
ඒ සම්බන්දයෙන් ජනාධිපතිගේ තීරණ කිසිසේත්ම අදාල නොවේ. වගකීම් පැහැර හැරීමෙන් සිදුවූ සහ ඉදිරියේදී ජාතික ආරක්ශාව ඇතුලු අනිකුත් විය හැකි හානි වෙනුවෙන් විශය භාර අමාත්‍යවරයා ලෙස ඔබට නීතිය ඉදිරියට යෑමට සිදුවන බව සිතේ තබාගන්න. ආඳෙකු මෙන් කටින් ගසා දමා ලෙස්සා යෑමට මදක් අපහසු විය හැකි වරදක් සිදුවී ඇත.
ඔය විදියට බහාලුම් පරීක්ෂාවකින් තොරව පිට කිරීමේ වැරදි ක්‍රමවේදය නීතිගත කලේ හිටපු ජනපති රනිල් සහ හිටපු ඇමති නිමල් සිරිපාල ද සිල්වා යන දෙදෙනාගෙන් සහ එවකට සිටි කැබිනෙට්ටුවේ තීරණයක් මත බව සමහරු පවසනවා. ඒ අනුව ක්‍රමවේදයක් විදියට ඒ කාලේ පටන්ම ඔය වැඩේ දිගටම කෙරීගෙන ආවාලු. නැතුව මේ ආණ්ඩුව හදිසියට පටන් ගත්තු එකක් නොවෙයිලු. ඒක ඇත්තක් නම් මොකද්ද වෙන්නේ?
හොරාගෙන් පේන අහලා වඩක් නෑ සහෝ. ආණ්ඩු පෙරලුනාම තමයි මෙව්වා එළියට ඇවිත් කෂ්ටිය ඇතුළට යන්නෙ. ඔය චක්කරේ කමයි අපේ රටේ .
ලොකුම විහිලුව මෙයාම සැර පිළිතුරක් දුන්න එක..
ඉතාම හොඳයි... පොහොට්ටුවේ ආණ්ඩු කාලේ කුඩු කන්ටේනරුත් ලංකාවට ගෙන්නා ගත්තා.
ඒ මහත්තයා විහිළු කරනවා වෙන්න ඇති නේද? ඔය කන්ටේනර් නිදහස් කිරීමෙන් වරදක් වුණාලු, ජනාධිපතිලු තීන්දුව ගන්නේ. වරදක් වෙලා නම් ඇයි ජනාධිපති තීන්දුව ගන්නකම් ඉන්න ඕනෑ? ඇමැතිතුමාද කිව්වේ කන්ටේනර් නිදහස් කරන්න කියලා...?
ඉතින් බලන්නකෝ ඔතනම වැඩේ වැරදියි කියලානේ. ඇයි ඒක ජනාධිපතිට තීරණය කරන්න දෙන්නේ? බැරිද ඕකත් අර අනිත් ඔක්කොම වගේ අල්ලස් සහ දූෂණ කොමිසමට බාර දෙන්න? ඔතනත් දූෂනය කියන වරද වෙලා තියෙනවා. සමහරවිට අල්ලස් කෑල්ලත් පසුව එකතු වෙන්න ඉඩ තියෙනවා. ඇයි අනිත් ඒවට තියෙන හදිස්සිය මේකට නැත්තේ?