IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


කොන්ක්‍රීට් අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණය කරන්න යයි

 

(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව විසින් මෙහෙයවනු ලබන කොන්ක්‍රීට් අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණ ව්‍යාපෘතිය සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.

ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව විසින් කොන්ක්‍රීට් සහ ගොඩනැගිලි අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණය කිරීම සඳහා නියමු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට යෝජනා කර තිබේ. 

යෝජිත ව්‍යාපෘතිය මඟින් කොන්ක්‍රීට් සහ ගොඩනැගිලි අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණය කර එමගින් නැවත භාවිතය සඳහා ලැබෙන මූල ද්‍රව්‍ය, ඒ සඳහා සුදුසු නිමැවුම් වෙනුවෙන් භාවිතා කිරීමට සහ ස්වභාවික සම්පත් මඟින් ඍජුවම ලබා ගන්නා වූ අමුද්‍රව්‍ය සමඟ මිශ්‍ර කර භාවිතා කිරීමට සැලසුම් කර ඇත. 

යෝජිත ව්‍යාපෘතියේ යන්ත්‍ර සූත්‍ර, ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ ඒකල කාර්මික ජනපදයේ ඇති පෙරසවි කොන්ක්‍රීට් අංගනයේ ස්ථාපිත කිරීම සුදුසු බවට හඳුනා ගනු ලැබ තිබේ.

ඒ අනුව, "Clean Sri Lanka " වැඩසටහන යටතේ වෙන් කර ඇති රුපියල් මිලියන 200 ක ප්‍රතිපාදන භාවිත කරමින් යෝජිත ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිණිස නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යවරයා  ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

 



අදහස් (0)

කොන්ක්‍රීට් අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණය කරන්න යයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 309 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 98 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 787 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site