
(යොහාන් භාසුර)
‘පාස්කු දින ත්‍රස්ත ප්‍රහාරයට වගකිවයුත්තන් නීතිය හමුවට ඉතා ඉක්මණින් ගෙන ඒම සඳහා මැල්කම් රංජිත් කාදිනල් කොළඹ අගරදගුරුතුමා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ඉල්ලීම් රැසක් අද (21) ඉදිරිපත් කළේය.
කොච්චිකඩේ ශාන්ත අන්තෝනි මුනිදුන්ගේ සිද්ධස්ථානයේදී පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගිය පුද්ගලයන් සිහිකරමින් අද (21) පෙරවරුවේ පැවැති ප්‍රධාන අනුස්මරණ දේවමෙහෙයේදී මැල්කම් රංජිත් කාදිනල් කොළඹ අගරදගුරුතුමා එම ඉල්ලීම් කළහ.
පාස්කු වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ජනගත කිරීම, පාස්කු වැඩිදුර විමර්ශන නිරීක්ෂණයට හා නඩු පැවරීම ස්වාධීන අධිචෝදක කාර්යාලයක් ස්ථාපිත කිරීම, ප්‍රහාරය පිටුපස ක්‍රියාත්මක වූ සියලු බලවේග කවරේදැයි සොයා බලා සත්‍ය රටට හෙළිකර, ඒ සඳහා ක්‍රියාත්මක වූ චූදිතයින් තරාතිරම නොබලා නීතිය හමුවට ගෙන ඒම, 2019 සැප්තැම්බර් 21 ජනාධිපති කොමිසම් වාර්තාවේ සියලු නිර්දේශිත යෝජනා ක්‍රියාත්මක කිරීම කටයුතු කිරීම, හමුදා බුද්ධි අංශය සහ සහරාන් හෂීම් නැමති ත්‍රස්ත නායකයා අතර, තිබූ සම්බන්ධය හා එංගලන්තයේ චැනල් 4 මගින් ඉදිරිපත් කළ වැඩසටහන පිළිබඳ පුර්ණ පරීක්ෂණයක් දියත් කර එහි ප්‍රධාන සාක්ෂියක් මෙහෙය වූ අසාද් මව්ලානා කී දේ ගැන ගැඹුරු විමර්ශනයකට ලක්කිරීම එම යෝජනා අතර වේ.
පාස්කු ප්‍රහාරයට තුඩු තුන් සියලු රහස් කුමන්ත්‍රණ පිටුපස තිබූ අව නීතියේ සංස්කෘතිය හා එයට උඩගෙඩි දෙන පාරරාජ්‍ය මේ රටින් ඉවත් කිරීමට අවශ්‍ය නීතිරීති සම්පාදනය සහ රට තුළ දේශපාලන බලය ඇති අය පුරවැසියාගේ සේවකයෝ මිස පාලකයෝ නොවන බවට නව සංස්කෘතියක් දෙසට අප රට මෙහෙයවීම යන ඉල්ලීම් ද ඒ අතර තිබේ.
COMMENTS
මොනවද මේ ධර්ම දේශනා! ISIS යනු තස්තවාදින් කණ්ඩායමක්! මෙයට ප්‍රධාන හේතුවවුයේ MY3 සහජිවනය සහා ජාතික ආරක්ෂාව බිදවැටිම!
රිදෙන උන්ට රිදුනාවේ, වදින තැන්වලට වැදුනාවේ, වැරදි කරපු උන්ට මේ වගේ වැරදි නොකරනවා තියා හිතන්නවත් බැරිවෙන්ට සහ ඔය කහින උන්ටත් පාඩමට ගන්ට කළ යුතු දේ ඉහළින්ම කරන්ට හැමෝම වගබලා ගත යුතුයි.
අරහෙට මෙහෙට ඇඟිලි දික්කර කර ඉන්නවා. අන්තවාදී ත්‍රස්තවාදීන්ට නිකම්ම සුදුහුනු ගෑවෙනවා. ආණ්ඩුව ඒක ඡන්දෙට පාවිච්චි කරනවා.
ඒ දවස් වල චැනල් 4 එකෙන් වීඩියෝවක් කරා හමුදාවට මඩ ගහලා කොටින්ව සුද්ධ කරලා. එංගලන්තේ මිනිස්සුන්වත් බලන්නේ නැති චැනල් එකක් කියන එක විශ්වාසයි, ඒත් එංගලන්තේ ස්කොට්ලන්ඩ්යාඩ් එකයි, ඇමරිකාවේ FBI එකයි දෙන වාර්තා පිළිගන්න බෑ. පුදුම දේශපාලන වහල්ලු තමයි.
ජනාධිපතිගෙන් දේවල් ඉල්ලන්න කලින් තමන්ගේ මිනිස්සුන්ට ඇත්ත දකින්න උගන්නලා හිටියා නම් නේද හොඳ...? ටොම් පචයෙක් ජනාධිපති කරලා ඔවුන්ගෙන් ඇත්ත හොයනවා කියන්නේ ඉබ්බන්ගෙන් පිහාටු ගන්නවා වගේ දෙයක්නේ...!
ඒ වගේම පාස්කු අරමුදල්වලට හම්බවුණු සල්ලි අවභාවිතා කරලාද කියලත් බලන්න ඕනෑ.
ඔය වගේ මනඃකල්පිත දේශපාලන සිහින දකිමින් පල්ලියේ මහා ධනස්කන්ධයෙන් සැප විඳිමින් ඉන්න කාදිනල්තුමනි... අන්න පාප් වහන්සේත් ස්වර්ගස්ථ වෙලා.