
(ප්රසංග පෙරේරා)
කදාන දුම්රිය ස්ථානය ආසන්නයේ ඇති දුම්රිය හරස් මාර්ගයකදී ත්රීරෝද රථයක් දුම්රියේ ගැටී ත්රීරෝද රථයේ ගමන් ගත් දෙදෙනකු ජීවිතක්ෂයට පත්වු බව කදාන පොලීසිය පවසයි.
මෙම දුමරිය අනතුර අද උදෑසන 7.30 ට පමණ සිදුව ඇත. කදාණ ශාන්ත මරියා දුම්රිය හරස් මාර්ගයේ දුම්රියක් පැමිණෙන බවට හරස් මාර්ගයේ අනතුරු සංඥා එළි හා නාද ක්රියාත්මක ව තිබියදී ත්රීරෝද රථය දුම්රිය හරස් මාර්ගය හරහා ධාවනය වී තිබේ.
එම අවස්ථාවේදි හලාවත සිට කොළඹ බලා ධාවනය වන දුම්රිය ක ත්රී රෝද රථය ගැටී එහි ගමන් ගත් ඒකල ජොශිටා වත්ත පදිංචි එම්. රීටා නැමති කාන්තාවක් මිය ගොස් ඇත. ත්රී රෝද රථයේ රියැදුරු ද එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔතන කන්ද පල්ලම, හරියට පේන්නෙත් නැහැ. බ්රේක් අඩු වාහනයක් නේ ත්රී වීල් එක. ඉතින් හරි භයානකයි. මන් හිතන්නේ ඔතනට බැරියර් එකක් දාන්න ඕන.