
(රේඛා තරංගනී ෆොන්සේකා)
කොතලාවල පනත වහාම ඉවත් කරන ලෙසත් එන්නත් ලබාදී විශ්වවිද්‍යාල විවෘත කරන ලෙසත් ඉල්ලා ශ්‍රි ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආචාර්ය සංගමයේ සාමාජික සාමාජිකවෝ එම විශ්ව විද්‍යාලය ඉදිරිපිට අද විරෝධතාවයක නිරතවූහ.
කොතලාවල පනත පිළිබඳව විරෝධතාව ඇත්තේ හමුදාවන් මගින් වෙනත් පුද්ගලයන්ට අධ්‍යාපනය ලබා දීම සහ පවතින විශ්ව විද්‍යාලවලට සමාන්තරව රට පුරා හමුදා විශ්වවිද්‍යාල ඇති කිරීමේ අවදානමක් තිබෙන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආචාර්ය සංගමයේ සභාපති මහාචාර්ය සමන් යාපා මහතා එහිදී පැවැසීය.
කොතලාවල විශ්ව විද්‍යාලයෙන් හමුදා සඳහා තියෙනවාටත් වඩා අධ්‍යාපනය ලබාදෙනවාට විරුද්ධත්වයක් නැති බව ද පවසයි.
එමෙන්ම දිගින් දිගටම විශ්වවිද්‍යාල වසා දමා ඇති බව සඳහන් කළ ඒ මහතා පාසල් ළමුන්ට ලබා දෙන ප්‍රමුඛතාවය විශ්වවිද්‍යාල සඳහා ලබාදී නැති බව ද පැවසීය.
(ඡායාරූප: ජයමාල් චන්ද්‍රසිරි)






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොතලාවල පනතට විරුද්ධව විරෝධය පෑමට ජපුර විශ්ව විද්‍යාලයේ ආචාර්ය මණ්ඩලයට ශක්තිය තිබීම ගැන අපි නිහතමානීව ආඩම්බර වෙමු. එමෙන්ම එක එක දේශපාලන අංශවල හා රජයන්ගේ පදේට නටන්නේ නැතිව නිර්භීතව තම වැඩදායි ක්‍රියාමාර්ගය ගැනීම සම්බන්ධව අපි සියලුම ආචාර්ය මණ්ඩල සාමාජික සාමාජිකාවන් වෙත අපගේ ගෞරවාන්විත ස්තුතිය පුදකරමු.
හමුදා විශ්ව විද්‍යාලවල තමා උගන්වන්න ඕන නියමිත වෙලාවට වැඩ කරන්න පේනවානේ එන්නත් දෙන තැන්ම හොඳ උදාහරණ හොඳ ගුණගරුක මිනිස්සුන්ට හොඳ සේවයක් දෙන කම්මැලි නැති රාජ්‍ය සේවයක් බිහිවෙයි...
අපි හිතාගෙන හිටියේ විශ්වවිද්‍යාල ආචාර්යවරු කියන්නේ හැමදාම ටීවී එකේ දකින ආණ්ඩුවේ වියත්මග කට්ටිය විතරයි කියලා. බැලුවම කොන්ද පණ තියෙන ආචාර්යවරුත් ඉන්නවනේ. හරි දේට හරි කියන, වැරදි දේ පෙන්වන මෙවන් ආචාර්යවරු රටට වාසනාවක්. එයාල ඉදිරියට පැමිණිය යුතුයි. නැත්නම් ගොම රිටිඋඩ එනවා.
මේ ආචාර්ය හොරු රට වෙනුවෙන් කළ කැපකිරීමක් කියමුද බලන්න... නව නිපැයුමක් වගේ.
විශ්ව විද්‍යාල වල ඕනේ තරම් නව නිපැයුම්, නව නිර්මාණ බිහිවෙනවා. ඒත් ලංකාවේ කර්මාන්ත විසින් ඒවට සහයක් දෙන්නේ නැහැ. රජයට මුදල් නෑ... ඒ නිසයි ඒවා ජනතාව අතරට පත් නොවෙන්නේ. විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගෙන්, ළමයින්ගෙන් ඕනේ තරම් මේ රටට වැඩගන්න පුළුවන්... නමුත් එහෙම සූදානමක් නෑ.. ඒ නිසයි ඒ අය රට අත්හැර ගොස් වෙනත් රටවලට ඒ දායකත්වය දෙන්නේ... රට පුරා බෝඩ් ලෑලි, විශ්ව විද්‍යාල අලුතින් හැදුවට වැඩක් නෑ.. නීතියෙන් ඒ ටිකවත් රැකගන්නේ නැතිව...