IMG-LOGO

2025 ඔක්තෝබර් මස 25 වන සෙනසුරාදා


කෘත්‍රිම බුද්ධියෙන් ට්‍රම්ප්ට පාප් ධුරය: හතරවටින්ම දොස්

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, පාප්වරයකු ලෙස පෙනී සිටින, කෘත්‍රිම බුද්ධිය ඇසුරින් නිර්මාණය කළ ඡායාරූපයක් හේතුවෙන් මේ වනවිට ආන්දෝලනයක් නිර්මාණය වී ඇත.

මෙම කෘත්‍රිම බුද්ධියෙන් නිර්මාණය වූ ඡායාරූපය හේතුවෙන් ඇමෙරිකන් ජනාධිපතිවරයාට දොස් ඇසීමට සිදුවී ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.

මෙම ඡායාරූපය පළවුවෙන් ප්‍රසිද්ධියට පත් වූයේ ධවල මන්දිර කාර්ය මණ්ඩල සාමාජිකයන්ගේ සමාජ මාධ්‍ය ගිණුම්වලය.

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන්ගේ අභාවයෙන් පසු නව පාප්වරයකු තෝරා ගැනීමට නියමිත අතර, කාදිනල්වරුන්ගේ ඡන්දයෙන් එය සිදුවනු ඇත්තේ ලබන 7 වැනිදාය. මේ බව වතිකානය තහවුරු කර ඇත.

එවැනි පසුබිමක, පාප් ධුරයට ඇමෙරිකන් ජනාධිපති ට්‍රම්ප් සුදුසු යැයි පෙන්වා දෙමින් ඔහුගේ ආධාරකරුවන් පිරිසක් මෙම ඡායාරූපය නිර්මාණය කර එය ප්‍රසිද්ධියට පත් කිරීම කර ඇතැයි පැවැසෙයි.

පාප්ධුරයට අපහාස වන ආකාරය ඡායාරූපයක් නිර්මාණය කිරීමට අනුබල දීම සහ එය සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියට පත් කිරීම යන චෝදනා ට්‍රම්ප්ට එල්ල වී ඇත.

මෙම ඡායාරූපය ට්‍රම්ප් ආධාරකරුවන් විසින් නිර්මාණය කරනු ලැබ ඇත්තේ, පාප්වරයකු වීමට තමන් කැමැති බව ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රසිද්ධියේ කළ ප්‍රකාශයක් මුල්කොට ගනිමිනි.

(ඒ.එෆ්.පී.)



අදහස් (3)

කෘත්‍රිම බුද්ධියෙන් ට්‍රම්ප්ට පාප් ධුරය: හතරවටින්ම දොස්

fairoos Sunday, 04 May 2025 11:02 AM

අපේ ගෝඨාභය වගේමයි...

:       0       0

prasanna Sunday, 04 May 2025 03:14 PM

ලංකාවට සහ ඇමෙරිකාවට නරක කලදසාවක් ලබලා තියෙන්නේ...

:       0       0

Perera Monday, 05 May 2025 07:19 AM

ආගමත් එක්ක විහිලු කරන්න ගිහින් බලන්න මෙයාට වෙන දේ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1368 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1267 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 462 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site