(කේ,ඩි දේවප්‍රිය)

කතරගම ඇසළ මංගල්‍යයට සහභාගී වීමට දිවයිනේ විවිධ ප්‍රදේශවලින් පැමිණෙන බැතිමතුන්ගේ දේපළ සොරුන්ගෙන් ආරක්ෂාකර ගැනීමට දැඩි වෙහෙසක් දැරිමට සිදුව ඇතැයි බැතිමත්හු පවසති

තුරුපැදිවල බට කපා ඉන්ධන සොරකම් කරන පිරිසක් නිසා යතුරු පැදියෙන් පුදබිමට පැමිණෙන පිරිස් දැඩි අපහසුතාවයට පත්ව තිබේ.

ඇසළ මංගල්‍ය නෑරඹිමට පුජා භුමියේ විවිධ ස්ථානය තුළ යතුරු පැදි නවතා යන අතර මෙම යතුරු පැදි තුල ඇති ඉන්ධන බට කපා ඉන්ධන ලබා ගත් යතුරු පැදි 13 ක් පමණ හිමිකරුවන් ඉන්ධන නොමැතිව තල්ලු කර ඉන්ධන හල් වෙත පැමිණ තිබේ .

මෙයට අමතරව ත්‍රිවිල් රථවල බැටරි මෙන්ම උපයාංග ද ගලවා ගැනීමේ සිද්ධි කිිපයක් ද වාර්තාවේ.

කතරගම ඇසළ මංගල්‍යයට පැමිණෙන බැතිමතුන් විශාල පිරිසක් ඉදිරියට පැමිණෙන හෙයින් මේ සම්බන්ධයෙන් පොලිසිය විශේෂ වැඩ සටහනක් කිුයා කල යුතු බව ජනතාව සදහන් කරති.

ඡංගම දුරකත සොරාගනීම් සෑහෙන ප්‍රමාණයක් වාර්තා වන අතර අද දිනයේ සරසවි සිසුවියකගේ රුපියල් ලක්ෂ දෙකක පමණ වටිනා ජංගම දුරකතනයක් සොරගෙන ගොස් ඇත. මේ සම්බන්ධයෙන් මෙතෙක් කිසිවකු අත්අඩංගුවට ගැනීමට ආරක්ෂක අංශ සමත්වී නැතැයි බැතිමත්හු චෝදනා කරති.