






(කේ. ඩී. දේවපි‍්‍රය)
කතරගම දේවාලයේ පෙරහර මංගල්‍යයේ 6 වැනි දිනය වූ අද (8) දේවාලය ඉදිරිපිට ඇති කොළ අතු පන්දළම නව කොළ අතු දමා සකස් කරනු ලැබීය.
දුටුගැමුණු රජ දවසේ පටන් අඛණ්ඩව සෑම ඇසළ පෙරහැර සමයකදීම මෙම පන්දළම අලුත්කිරීම සිදුවේ.
පෙරහර දින 05 ක් ගිය පසු මෙම අතු පන්දළම තුළ ඇති පැරණි අතු දඬු ඉවත් කර, මාදම් කොළ අතු දමා අලුතින් සකස් කරනු ලබන්නේ පෙරහැරේ ගමන් ගන්නා අලි ඇතුන්ගේ උපකාරයෙනි.
මෙයට අමතරව බස්නායක නිළමැදුරේ ගොම මැටි ගෑ බිමේ දුටුගැමුණු රජතුමාට, හිටපු නිළමේවරුන්ට පිං පැමිණවීමට පවත්වනු ලබන දානමය පිංකම ද සිදුකෙරිණි. පිංකම අවසන්වීමෙන් පසු අතු පන්දළම සකස් කරනු ලැබීය.
මෙම අතු පන්දළම මේ අයුරින් සකස් කරනු ලබන්නේ අතීතයේ දී එක් සිදුවීමක් සනිටුහන් කිරීමට බව කතරගම දේවාලයේ ප‍්‍රධාන කපු මහතා වන සොමිපාල ටී. රත්නායක මහතා පවසයි.
කඳ කුමරුවන් හමු වූ දුටුගැමුණු මහා රජතුමා යුද්ධයෙන් ජය ලැබීමට බාරයක් විය. දුටුගැමුණු රජු එළාර රජු පරදවා ජයගත් විගස රන් උළු මාලිගාවක් සාදවා පූජා කිරීම එම බාරයයි. එම බාරය ඔප්පු කරනතෙක් සන්නාසි වෙසින් සිටි කඳ කුමරුවන්ට රජතුමා සෙබළුන් ලවා තාවකාලිකව කොළ අතු පන්දළමක් සාදවා දෙනු ලැබීය. එදා සෑදු අතු පන්දළම අදත් සෑම වසරකදීම සිහි ගන්වමින් කතරගම දේවාලය ඉදිරිපිට පිහිටි අතු පන්දළම සකස් කිරීම චාරිත‍්‍රයක් ලෙස සිදුවේ.
බස්නායක නිළමේ දිල්රුවන් රාජපක්ෂ මහතා කොළ අතු මිටිය කණ්ඩුල හස්තියාට ලබාදීමෙන් පසුව හස්තියා විසින් අතු පන්දළමට පළමු කොළ අතු මිටිය තබන ලදී. අතු පන්දළම සකස් කිරීමෙන් පසු දුටුගැමුණු මහා රජතුමාට අයත් කඩොල් ඇතුගේ දළ යුගල දේවාලයේ මාලිගාවේ සිට දෙවියන්ගේ තිරය දෙපසට රැගෙන එනු ලැබීය.
මොණරාගල දිසා ලේකම් ඩී. එස් පත්මා කුළසුරි මහත්මිය, කතරගම දේවාලයේ හිටපු බස්නායක නිළමේ හා ඌව පළාත් හිටපු ප‍්‍රධාන අමාත්‍ය ශෂින්ද්‍ර රාජපක්ෂ, කතරගම දේවාලයේ ප‍්‍රධාන කපුමහතා වන සොමීපාල ටී රත්නායක, කතරගම ප‍්‍රාදේශීය සභාවේ සභාපති චනක අමිල් රංගන, කතරගම ප‍්‍රාදේශීය ලේකම් එම්. ඒ නන්දසිරි යන මහත්වරු මෙම අවස්ථාවට එක්ව සිටියහ.
2025 දෙසැම්බර් මස 18
163
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
149
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
957
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කතරගම දේවාලයේ අතු පන්දළම සකසති
සලමි Monday, 08 July 2019 11:32 AM
මේ හින්දු දෙවියෙක්.... කෝ සිංහල දෙවියෝ !!!
dilanMonday, 08 July 2019 07:43 PM
අනුන්ගේ ආගමට අපහාස කරන්න ගිහින් තමන්ගේ ආගමටම අපහාස කරගන්න එපා
nali Monday, 08 July 2019 06:51 PM
දෙවියන්ට කොහේද ජාතියක් ?