IMG-LOGO

කතරගම එනකොට ප්ලාස්ටික් ගේන්න එපා

(අංජුල මහික වීරරත්න)

රුහුණු කතරගම මහා දේවාලයේ ඇසළ උත්සවයට සහභාගී වන විට ප්ලාස්ටික් භාවිතය අවම කරන ලෙස මධ්‍යම පරිසර අධිකාරිය බැතිමතුන්ගෙන් ඉල්ලා සිටී.

එමෙන්ම  වගකීමෙන් යුතුව කසළ බැහැර කරන ලෙසද පරිසර අධිකාරිය කියයි. 

මෙවර රුහුණු කතරගම මහා දේවාලයේ පෙරහර බ්‍රහස්පතින්දා (26) ජුලි 10 වැනි දා තෙක් දක්වා පැවැත්වේ. සාමාන්‍යයෙන් ඇසළ උත්සව සමයේ දී බැතිමතුන් ලක්ෂ 15කට ආසන්න පිරිසක් කතරගමට පැමිණෙන අතර අක්‍රමවත් කසළ බැහැර කිරීම නිසා කතරගම නගරය, පූජා භූමිය සහ මැණික් ගඟ ආදී ස්ථාන වල පෙරහර කාල සීමාව අවසානයේ විශාල කසළ ප්‍රමාණයක් එක් රැස්වන බව මධ්‍යම පරිසර අධිකාරිය පවසයි.

2024 වර්ෂයේ පෙරහර සමය අවසානයේ ඝණ අපද්‍රව්‍ය ටොන් 1,500ක්  ද පෙට් ප්ලාස්ටික් බෝතල් ටොන් 4ක් පමණ ද ප්ලාස්ටික් මල් මාලා කිලෝ ග්රෑම් 50ක් පමණ ද එකතු කර ගෙන තිබෙන අතර මෙය පෙර වසර වලට සාපේක්ෂව කසළ අඩු වීමක් බව මධ්‍යම පරිසර අධිකාරිය පවසයි.



අදහස් (2)

කතරගම එනකොට ප්ලාස්ටික් ගේන්න එපා

Deshabandu Wednesday, 25 June 2025 09:54 AM

ජීවිතයට හැදෙන්නෙ නැති, සුදු ඇඳ ගත්තු, කලු සිත් තියෙන බොරු භක්තිකයන් ඉන්න තාක්කල් , පූජා භූමිය පිරිසිඳුව තියාගන්න කරන උත්සාහය නිෂ්ඵල ක්‍රියාවක්.

:       0       1

Ariyathilaka Wednesday, 25 June 2025 09:25 PM

මුලාව වෙළඳන් කරනා පුදබිම වෙත නුඹ යන්නා, කිරිවෙහෙරේ කොත් කැරැල්ල දිහා බලන්න, වටපිට නුඹ බැලුවෝතින් මුලාව නුඹ වෙලා ගනී, කිරිවෙහෙරේ දම් සිසිලස සිතේ මවාපන්..~~ පූජා බඩු සල්පිල් මැඳ හරෝ හරා හඬ ඇසෙද්දී, බුදුහිමි බුදු වුණු කාලය සිහියට නඟපන්, පුද පඬුරෙන් කපුරු දුමෙන් සසරේ කළ කම් විපාක, මැණික් ගඟේ සෝදන්නට බැරිබව සිතපන්...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 313 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 796 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 144 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site