
(ගයාන් සූරියආරච්චි)
කතරගම මැණික් ගඟ ප්‍රදේශයේ ඉදිකර ඇති ජී. රාජපක්ෂ නැමැති නිවෙස තැනූ බව කියන ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ හිටපු උප සභාපතිවරයෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අද (29) අත්අඩංගුවට ගනු ලැබීය.
ඒ අපරාධ පරීක්ෂණ දෙපාර් තමේන්තුව විසින් කරගෙන යනු ලබන විමර්ශනවලට අනුවය.
එම නිවෙස සම්බන්ධයෙන් මීට පෙර හිටපු ජනපති ඝෝඨාභය රාජපක්ෂ, යෝෂිත රාජපක්ෂ යන මහත්වරුන්ගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ සටහන් කරගෙන තිබුණි.
COMMENTS
රාජපක්ෂලා හොරකම් නොකල දෙයක් නම්කර අගනා තෑගි පාර්සලයක් දිනා ගන්න.
කන බොනකොට එකතුවෙලා. විඳවනකොට තනි තනිවම. සිංදු කියපු පොලිස් මහත්තයෙක්වත් මතක් වෙනවා මේ වෙලාවේ.
මෙහෙම හොරුන්ට "මහත්වරු" කියන්න මාධ්‍යවේදීන් ලැජ්ජා විය යුතුයි. මුන්ට "මහත්හොරු " කියන්න පුළුවන් අයට අපි උපහාර පුදන්න සූදානමින් ඉන්නවා.....