(කේ. ඩී. දේවප්‍රිය)

කතරගම දේවාලය ඉදිරිපිට අතු පන්දලමට අලුතින් කොළ අතු සහ දඬු දමා අලි ඇතුන් ලවා සකස් කිරීම ඇතුළු ‍සුවිශේෂී ආගමික සහ සාම්ප්‍රදායයික චාරිත්‍ර රැසක් අද ඉටු කෙරිණි.

මෙය දුටුගැමුණු රජ දවස පටන් එන සුවිශේෂි චාරිත්‍රයකි.

‍එදා යුද්ධය නිම වී පැමිණෙන තෙක් මැණික් ගඟ අසල තාවකාලිකව දඹ කොළ අතු දමා දුටුගැමුණු රජතුමා ඉදි කළ පන්දලම සිහිපත් කරමින්, දේවාලය ඉදිරිපිට ඇති අතු පන්දලමට අලුතින් කොළ අතු සහ දඬු දමා අලි ඇතුන් ලවා සකස් කිරීම ද අද දින සිදු කෙරුණු සුවිශේෂී චාරිත්‍රයකි.

​එම අතු පන්දලමට නව දඬු දමා, පළමු අතු මිට බස්නායක නිලමේ ආරච්චිගේ තිළිණ මධුසංඛ මහතා විසින් දෙවියන් වැඩමවන 'වාසනා' හස්තියා වෙත ලබා දෙන අතර, එම අතු මිට වාසනා හස්තියා අතු පන්දලමෙහි තැන්පත් කරයි. එම චාරිත්‍රය ඊයේ දින ද සිදු කෙරණි.