IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


කතානායකවරයා ජාතික සභාව අමතා කළ කතාව

 

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

දේශපාලන පක්ෂ පාට භේද ඉක්මවා රටේ දිගුකාලීන  ප්‍රතිපත්තිමය දිශානතිය වෙනුවෙන් පොදු එකඟතාවයකට  පැමිණීම කාලීන අවශ්‍යතාවක් බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසීය.

කතානායකවරයා මෙසේ පැවසූවේ පාර්ලිමේන්තුවේ ස්ථාපනය  කෙරුණු ජාතික සභාවේ පළමු රැස්වීම අමතමිනි.

නිදහසින් පසු දක්ෂිණාංශික සහ වාමාංශික ලෙස ප්‍රතිපත්තීන් අත්හදා බැලූ ශ්‍රී ලංකාව දීර්ඝකාලීන ප්‍රතිපත්තියක් සඳහාවූ අවශ්‍යතාව මෙම ජාතික ස්වභාව තුළින් පිරවිය හැකි බව මෙහිදී සඳහන් කළ කතානායකවරයා රටේ ප්‍රගතිය මන්දගාමී වීමට මෙම ප්‍රතිපත්ති දෝලනයද බොහෝ සෙයින් හේතු වූ බව ප්‍රකාශ කළේය.

පවතින තත්වය යටතේ දේශපාලඥයන් මහජනතාව සමඟ වැඩිපුර සම්බන්ධවී  හැකිතාක් තොරතුරු ජනතාවට ලබාදීමට කටයුතු කළ යුතු බවත් මහජන නියෝජිතයන් ලෙස මේ තත්ත්වය තේරුම් ගෙන අලුතින් සිතිය යුතු බවත් අබේවර්ධන මහතා පැවසුවේය.

යුද්ධ ආර්ථික අර්බුද සහ දේශගුණික විපර්යාස හේතුවෙන් නුදුරේදීම ගෝලීය ආහාර අර්බුදයක් ඇතිවීමේ අවදානමක් මතුවී තිබෙන බව පැවසූ කතානායකවරයා  මෙවැනි අර්බුදයකට මුහුණදීමට රටක් වශයෙන් සූදානම් විය යුතු බවද ප්‍රකාශ කළේ‍ය.



අදහස් (1)

කතානායකවරයා ජාතික සභාව අමතා කළ කතාව

Perera Friday, 30 September 2022 04:53 AM

කරයි ඉටි ගෙඩියක්. මුන් ඔක්කොම කටින් බතල හිටවන එවුන්.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 319 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 204 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1000 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site