IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


කතානායකට විශ්වාසභංගයක්?



(සුජිත් හේවාජුලිගේ)

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න   මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක්  ළඟදීම ඉදිරිපත් කිරීමට  විපක්ෂයේ දේශපාලන පක්ෂ සූදානම් වන බව ආරංචි මාර්ග සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් අද ස්ථිර  තීරණයකට එළඹීමට නියමිත බව දැනගන්නට ඇත.

කතානායකවරයා ලබාගෙන ඇතැයි පැවසෙන යම් යම් පහසුකම් සම්බන්ධයෙන් කොළඹදී ඊයේ (7) පැවැති සමගි ජන බලවේගයේ කණ්ඩායම් රැස්වීමේදීද ඇතැම් මන්ත්‍රීවරුන් විවේචනාත්මකව කතා කර ඇතැයි එම පක්ෂයේ මන්ත්‍රීවරයෙක් පැවසීය.

කතානායකවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කිරීමට විපක්ෂයේ බොහෝ දේශපාලන පක්ෂ එකඟ වී ඇතැයි ද එම ආරංචි මාර්ග  වැඩිදුරටත් සඳහන් කළේය.

තමන්ට හිමි  පහසුකම් වලට අමතරව වෙනත්  පහසුකම්ලබාගැනීම , ධූරයේ බලය අයුතු ලෙස පරිහරණය කිරීම  සහ  ආණ්ඩු පක්ෂයට  වැඩි පක්ෂග්‍රාහීත්වයෙන් කටයුතු කිරීම යනාදී චෝදනා පදනම් කරගෙන මෙම විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කෙරුණු ඇතැයි දැනගන්නට ඇත.

දයාසිරි ජයසේකර මහතා ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරුන්  ගණනාවක් පසුගිය කාලයේදී මැතිසභයේදීද කතානායකවරයා දැඩි ලෙස විවේචනය කරනු දැක ගත හැකිවිය.



 

 



අදහස් (8)

කතානායකට විශ්වාසභංගයක්?

අරවින්ද මොණරවිල Tuesday, 08 July 2025 08:57 AM

තමන්ගේ පහසුකම් හා වරප්‍රසාද සිය කැමැත්තෙන් කපා හරිමින්, රට වෙනුවෙන් උපරිමයෙන් වැඩ කරන කතානායකවරයාට විරුද්ධ අම්බ ගොබ්බ විපක්ෂ ගෙන එන විශ්වාස භංගය නැමති පුස් වෙඩිල්ල ඔවුන්ටම පාරා වළල්ලක් වෙනවා නිසැකයි.

:       2       4

Perera Tuesday, 08 July 2025 09:42 AM

රටේ කිසිම කෙනෙකට විශ්වාසයක් නොතිබුණු පොලී මුදලාලි කථානායක කාලේ ඔය විපක්ෂේ දැන් ඉඳගෙන ඉන්න එවුන් බුදිදියෙන් ද හිටියේ?

:       45       48

Allewela GamageTuesday, 08 July 2025 12:52 PM

ඔය මිනිහා පොලොන්නරුව වකුගඩු රෝහලේ අධිකාරි විදියට ඉන්න කාලෙ කැන්ටිමේ ටෙන්ඩර් එකෙන් ගහපු ගැහිලි දන්නෝ දනිති. අනේ බන් රංවලයගේ උපාධි සහතිකෙත් අරන් වරෙන් අපුල්ලන කොට​.

:       15       26

යෝගා Tuesday, 08 July 2025 10:30 AM

පඹයො 159 නිසා විශ්වාසභංගය නම් දිනයි. ඒත් චෝදනා ටික පාර්ලිමේන්තුවේ දිග ඇරුණාම සායම හේදෙයි...!

:       6       1

ඇන්ඩ්රු-තැම්බුත්තේvillage Tuesday, 08 July 2025 10:37 AM

ඩෝබි අරවින්ද ඇතුළු සේදුම් බලකාය වහාම සේවයට වාර්තා කරන්න.

:       3       4

Rata Perata Tuesday, 08 July 2025 11:34 AM

විපක්ෂය කියලා ඔය ඉන්න ටිකත් ලබන චන්දේකදි ගෙදර තමයි. වැඩකට ඇති කිසි වැඩක් කරනවද ?නිකන් මයික් තියලා අණ්ඩුවට බැන බැන ඉන්නවා. අනිත් එක මේ කලකන්නි කොහෙද හිටියේ? ගෙදර මිනිස්සු 15කට රස්සා දීපු පහුගිය කථානායක ඉන්නකොට?

:       11       12

සෙනෙවිරත්න Tuesday, 08 July 2025 11:34 AM

විපක්ෂයත් ඉන්න බව පෙන්වන්නත්, බොක්ක ගැහි ගැහි ඉන්න තමන්ගෙ සහචරයන්ගෙ මොරාල් එක වැඩිකරන්නත් මරු ,

:       11       13

Nihal Tuesday, 08 July 2025 12:06 PM

අපි අවිස්වාස භංගයක් විපක්ෂ නායකට මැතිවරණයකදී ගේනවා

:       3       15

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 771 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 575 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 460 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site