(සුජිත් හේවාජුලිගේ)
කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා රාජ්‍ය දේපළ අවභාවිත කරන බව පවසමින් නව ජනතා පෙරමුණ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට ඊයේ පැමිණිල්ලක් කළේය.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන එම පක්ෂයේ නායක සුගීස්වර බණ්ඩාර මහතා පවසන්නේ කතානායකවරයා පහළොස් දෙනෙකුගෙන් යුතු කාර්ය මණ්ඩලයක් සිය කටයුතු සඳහා යොදාගෙන ඇති බවයි.
එසේම කතානායකවරයා සිය නිල වාහන දෙකට අමතරව තවත් වාහනයක් ලබාගෙන ඇති බවත් එම වාහනය ඔහුගේ පෞද්ගලික ලේකම්වරයා වෙනුවෙන් වෙන්කර ඇති බවත් ඔහු සඳහන් කළේය.
කතානායකවරයා සිය නිල රථ සඳහා පාර්ලිමේන්තු මහ ලේකම්වරියගේ අවසරය ඇතිව ඉන්ධන ලීටර් 900ක් ලබා ගන්නා බව පැවසූ බණ්ඩාර මහතා කථානායක වෙනුවෙන් නිල නිවසක් තියෙද්දී කොළඹ ලොරිස් මහල් නිවාස සංකීර්ණයෙන් තවත් නිල නිවසක් ලබාගෙන ඇති බව ප්‍රකාශ කළේය.
එම නිල නිවසේ පදිංචිව සිටින්නේද ඔහුගේ පෞද්ගලික ලේකම්වරයා බවහෙතෙම පැවසීය.
කතානායකවරයා කතානායක නිල නිවස පාවිච්චි නොකරන බවට ප්‍රකාශ කළද එය විශේෂ උත්සව අවස්ථා සඳහා පාවිච්චි කරන බවට තොරතුරු දැනගන්ට ලැබී ඇතැයිද ඔහු කීවේය.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන කතා නායක මාධ්‍ය අංශය පවසන්නේ එම සියලු චෝදනා ප්‍රතික්ෂේප කරන බවයි.
මෙම චෝදනා සම්බන්ධයෙන් ඉදිරියේදී පූර්ණ කරුණු පැහැදිලි කිරීමක් කිරීමට බලාපොරොත්තු වන බවද එම අංශය වැඩිදුරටත් සඳහන් කරයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයියෝ සාන්ත...!...
වෙනසක් නෑ. කොහෙත්ම මාධ්‍ය සංදර්ශන තමයි. හැබැයි වැඩිපුර බේගල් ඇද බෑමෙන් මෙයාලා වෙනස්...
සුගීස්වර බංඩාර කියන්නේ රාජපක්ෂ වහලෙක්
පුද්ගලික ලේකම්ට මෙච්චර සලකන්නේ එයා කතානායක වෛද්‍ය තුමාගේ ලෙන්ගතු ලෙඩෙක්වත්ද? මේ මගඩියත් පච කප්පරක් කියලා දැනට යට ගහයි. හැබැයි බලය සදාකාලික නෑ.
අනේ උඹලා ඇනගන්න ඇනගැනිල්ලක්...
ආණ්ඩුවේ අයට එරෙහි පැමිණිලි නම් මේ ආණ්ඩුව තියෙනකන් විභාග කරන්නේ නෑ. ආන්ඩු විරෝධී අයව නම් පැමිණිලි නැතුවත් අත් අඩංගුවට ගන්නවා.
වරදක් කරලා නැත්නම් බය වෙන්න දෙයක් නැහැ