(සුජිත් හේවාජුලිගේ )
කතානායක අශෝක සපුමල් රන්වල මහතා එම ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇතත් තවමත් ඒ බව පාර්ලිමේන්තු මහ ලේකම්වරියට නිල වශයෙන් දැනුම් දී නැතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.
ඉල්ලා අස්වීමේ ලිපිය කතානායකවරයා ජනාධිපතිවරයාට බාරදීමෙන් පසු ජනාධිපති ලේකම් කාර්යාලය විසින් එම ලිපිය පාර්ලිමේන්තු මහ ලේකම්වරියට යොමු කරනු ලැබිය යුතු බව සඳහන්වේ.
සිය ආචාර්ය උපාධියට අදාළව පැන නැගුණු අර්බුදය හමුවේ රන්වල මහතා කතානායක ධූරයෙන් ඉල්ලා අස්වන බවට ඊයේ නිල වශයෙන් දැනුම් දුන්නේය.
ඔහු කතානායක ධුරයේ කටයුතු කළේ මාසයකටත් අඩු කාලයකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පහුගිය ආණ්ඩුවල කවුරුවත් මේ විදියට වැරැද්ද පිළිගෙන අස් වුණාද...?
බයියන්ට මාර චූන්...!
"ආචාර්ය " ආ-ශොක් සපුමල් රන්වල හිටපු කතානායක මහත්තයාගේ අස්වීමේ ලියවිල්ල තවම නොලැබීම කනගාටුවට හේතුවක් වෙන බව පැහැදිලිවම පෙනෙනවා. නිතරම වැඩ වර්ජන තිබෙන අපේ රටේ, තැපැල් බෙදන පියුම් මහත්වරුන්ගේ ස්ට්‍රයික් එකක් නිසා මේ ඇබැද්දිය සිදුවෙන්න ඇතැයි කියා මගේ සීයා කියනවා.
කතානායකගේ ලිපිය තවමත් ලැබෙන්න ක්‍රමයක් නැහැනේ... ඔහු එහෙම ලිපියක් ලියලා නැහැ. ආචාර්‍ය කෙනෙක් හැටියට උගත්කම ප්‍රදර්ශනය කරමින් කරලා තිබුනේ මාධ්‍ය නිවේදනයක් නිකුත්කිරීමක් නේද? එහෙම වුණාම අදාල මාධ්‍ය ආයතන වලින් ලිපියක් නොගියා නම් මහලේකම්ට ලිපියක් ලැබෙන්නේ කොහොමද?