(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

කතානායක අද වැඩ කරන්නේ පැලවත්තට වුවමනා විදිහට යැයි  සමගි  ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර මහතා පාර්ලිමේන්තුවේදී අද  පැවසීය.

පාර්ලිමේන්තුව ගිනි තියන්න කතා කරපු අය අද ශිෂ්ඨ  සම්පන්න භාවය ගැන කතා කරන බවද   ඔහු සදහන් කළේය

දයාසිරි ජයසේකර මහතා මෙසේද පැවසීය.

ජීවීපී කාරයෙක් ගෙනල්ලා සී අයි ඩී ඩිරෙක්ටකළා. තවත් ජේවීපී  කාරයෙක්  ගෙනල්ලා මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයා කළා. ආනන්ද විජේපාල මන්ත්‍රී වෙලා ඉන්නකොට ජනාධිපතිවරයාගේ  ලේකම් කෙනෙකු  ලෙසත්  ඉඳලා තියෙනවා. එයාට මොකුත් නෑ සුගීස්වර   අල්ලනවා.

අල්ලස් කොමිසමේ වැඩ බලන්න. දෙන්නෙක් සියදිවි නසා ගත්තා. ඊයේ දෙන්නෙක් ගත්තා. මේ සිද්ධිය වෙලා තියෙන්නේ ඩුබායිවල. ඉස්සර එක එක අය  මහමොළකරු කිව්වා. දැන් වෙන කෙනෙක් අල්ලගෙන ඉන්නවා.

අපි සෙංකෝලේ උස්සන් ගියේ නැහැ. පල්ලෙහාට බහින්න හේතුවක් වුණා. විස්සක් නැගිට්ටම අපිට අවස්ථාව දෙන්න ඕන. කතානායක වැඩ කරන්නේ පැලවත්තට ඕන විදිහට නම් ඒක ප්‍රශ්නයක්. අපි දන්නවා මෙතන නීතිය. අපි අශිෂ්ටව හැසිරෙන අය නොවේ. අපි අපේ උද්ඝෝෂණය කළේ. අපි මයික් කඩන්න ගියේ නෑ මිරිස් කුඩු ගහන්න ගියේ නැහැ කතානායකගේ පුටුව කඩන්න ගියේ නෑ. අපි ඒක කළේ ශිෂ්ඨසම්පන්න  විදියට. පාර්ලිමේන්තුව ගිනි තියන්න හදපු මිනිස්සු තමයි මේවා කතා කරන්නේ. පාර්ලිමේන්තුව ගිනි තියන්න කතා කරපු අය ශිෂ්ඨයි. අපි අශිෂ්ඨයි.