
(සුජිත් හේවාජුලිගේ)
කතානායක නිල නිවසේ ආහාර පාන ඇතුළු වියදම් සියයට පනහකින් පමණ කපා දමා ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.
එම නිල නිවසේ ආහාරපාන වෙනුවෙන් පසුගිය කාලයේදී රුපියල් ලක්ෂ තුනකට වැඩි මුදලක් මාසිකව වැය කර තිබූ බවද ආරංචි මාර්ග පවසයි.
කතානායකවරයා එම නිවසේ පදිංචියට නොපැමිණීමට තීරණය කර ඇති නමුත් පාර්ලිමේන්තුව වසා ඇති සති අන්තයේ විදේශීය රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන් හමුවන අවස්ථාවන්හිදී පමණක් ඒ ස්ථානයට පැමිණ එම කටයුතු වලට සහභාගි වන බව පැවසේ.
මේ අතර කථානායක නිල නිවසේ උද්‍යානයේ ගස් කොලං සහ තණනිල්ල නඩත්තුව සඳහා නළ ජලය යොදා ගැනීම නතර කරන ලෙස කතානායකවරයා උපදෙස් දී ඇත.
ඒ කටයුතු වෙනුවෙන් කතානායක නිල නිවස වටා පිහිටි ජලාශයේ ජලය පමණක් යොදාගන්නා ලෙසත් ජලය ගැනීමට මෝටරය ක්‍රියාත්මක කිරීම සඳහා සූර්යය කෝෂ යොදා යොදාගන්නා ලෙසත් ඔහු වැඩිදුරටත් උපදෙස්දී ඇතැයි දැනගන්නට ඇත.
මේ අනුව මෙම උපකරණ මිලදී ගැනීම සඳහා මේ දිනවල කටයුතු කෙරෙමින් පවතින බව දැනගන්නට ඇත.
COMMENTS
සිරස්තල මැවීම නතර කරන්න. මහ ජනතාවගේ ජීවන වියදම පහත හෙළීමට කටයුතු කරන්න. ලුණු කැට කිලෝවක් 300/= යි. පොල් මිල සහ පොල් තෙල් මිල දිනපතාම වැඩි වෙනවා. පොල් තෙල් කිලෝවක මිල දහස ඉක්ම වෙලා. මේවාට විසදුම් නැතිනම් ආණ්ඩුවක් මොකටද?
NPP රජය අරපිරිමැස්ම සහ නාස්තියේ වෙනස පෙන්වා දෙනකොට, සමහර something something හොයපු කට්ටියට සෑහෙන්න රිදෙනවා වගෙයි
මේවා බොරු වැඩ. අන්තිමට වෙන්නේ මේ රාජ්‍ය දේපළ විනාශ වෙන එක. මාලිමාවට අන්ධව ගැති වූ අය අරගල සමයේ ජනාධිපති මැදුරට පැනලා හැසිරුණු ආකාරයත්, මෑතකදී අධිවේගයේ හැසිරුණු ආකාරයත් පැහැදිලියිනේ. මෙයාලාගේ තියෙන්නේ දීන මානසිකත්වයක්. ඒක හදාගන්න ඕනෑ...
ජනාධිපති යනු විෂ්මකර්ම දිව්‍ය පුත්‍රයා නොවේ. අවුරුදු හැත්තා හයක් කරපු විනාස මාස හයෙන් හදන්න. දැනට දීලා තයෙන සහන භුක්ති විඳින්න. ඉවසන්න ඉස්සරහට තව ලැබේවි. ඒ අතර අපෙන් රටට වෙන්න ඕනෑ යුතුකම් ටිකත් ඉටු කරන්න බලමු...
ඔය හූණු බිජ්ජවල් වලින් ඇති වැඩක් නැහැ.. මීට වඩා සල්ලි ගිලින රාක්ෂයෝ ඉන්නවා. අන්න ඒවා නවත්තලා පෙන්වන්න...