(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
කථානායක අශෝක රන්වල මහතාගේ ඉල්ලා අස්වීම ජනාධිපතිවරයා පිළිගෙන ඇති බව ජනාධිපති ලේකම්වරයා පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මියට ලිඛිතව දැනුම් දී ඇත
දහවැනි පාර්ලිමේන්තුවේ අභිනව කථානායකවරයා ලෙස පත්වූ තමා ධුරයෙන් ඉල්ලා අස්වන බව අශෝක රන්වල මහතා ජනාධිපතිවරයාට ලිඛිතව දැනුම්දී තිබිණි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 64(2) ව්‍යවස්ථාව අනුව කථානායක, නියෝජ්‍ය කථානායක හෝ නියෝජ්‍ය කාරක සභා සභාපති යන කවර පදවියකින් හෝ ඉල්ලා අස් වන්නේ නම් ඒ බව ස්වකීය අත්සන යටතේ වූ ලිපියකින් ජනාධිපතිවරයාට දැනුම්දිය යුතු වේ.
ඒ අනුව ජනාධිපති ලේකම්වරයා පාර්ලිමේන්තුවේ මහලේකම්වරියට මෙම ලිඛිත දැනුම්දීම කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනුර ජනාධිපතිවරයා කිව්වා වරදක් කළොත් තරාතිරම නොබලා පියවර ගන්නවා කියලා. පහුවදා ආණ්ඩුව අපහසුතාවට පත් නොකර රංවල කතා නායක ධුරයෙන් ඉල්ලා අස්වුණා... රංවල එහෙම අස් වෙන්නෙ තුනෙන් දෙකක ආණ්ඩු බලයක් තියාගෙන... මේ පාර්ලිමේන්තුව කියන්නේ මරණීය දණ්ඩනයෙන් දඬුවම් ලැබූ අය පවා හිරෙ ඉද්දි නීති සකස් කරන්න ආපු පාර්ලිමේන්තුවක් ...කවුරුත් ඒවා ප්‍රශ්න කලේ නෑ...ප්‍රශ්න කළත් තේරුමක් නෑ... ආණ්ඩු ජනතා මතයට ඇහුම්කන් දුන්නෑ ඒ කාලේ..
කොහේවත් නැති "ආචාර්ය" පට්ටමක් තමාගේ නමට දාගෙන, පාර්ලිමේන්තුවේ ඉහළම පුටුවට නැග්ග එකද මේ ඉල්ලා අස්වීමට මූලික වුණේ? මෙයාගේ මන්ත්‍රී කමට මෙ හුටපටය අදාලා වෙයිද? මෙයා කථානායක හැටියට "සේවය" කරපු මේ සොච්චම් කාලයට අනීතිකව ලබාගත් වැටුප්, දීමනා ආදිය, ආපසු බදු ගෙවන්නන්ට ලබාදීම ඉතාම ළඟදී කළයුතු වෙනවා!!! ඉයෙ A.K.D. කරපු කතාවකදී මෙයා ගැන නොකියා, සඳහනකුත් කළ බව අපට පැහැදිලි වුණා.. තවත් මේ වගේ "අවංක මනුස්සයින්" ජනාධිපති වරයාගේ පක්ෂය ඇතුළේ ඉන්න පුළුවන්... පුදන කොටම කාපි යකා..
මහර උසාවියේ රංවලගේ නඩු දෙකක් තියෙනවා.