(සුජිත් හේවාජුලිගේ )

ද්විත්ව පුරවැසි මන්ත්‍රීවරුන් පිළිබඳ ගැටළුව නිරාකරණය කර ගැනීම සඳහා කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා නීතිපතිවරයා ඇතුළු අධිකරණ ප්‍රධානීන් ඉදිරි දිනවල හමුවී ඒ සම්බන්ධයෙන් පුළුල් වශයෙන් කරුණු විමසීමට සූදානම් වෙමින් සිටින බව වාර්තා වේ.

ද්විත්ව පුරවැසිභාවය සහිත පුද්ගලයන්ට පාර්ලිමේන්තුවේදී පසුගියදා සම්මතවූ 21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධුර දැමීමේ හැකියාව අහිමිවූ අතර පාර්ලිමේන්තුවට දැනටමත් තේරී පත්ව සිටින ද්විත්ව පුරවැසිභාවය සහිත මන්ත්‍රීවරුන්ටද එම අලුත් නීතිය එකසේ බලපාන්නේ දැයි දැනගැනීම සඳහා කතානායකවරයා අධිකරණ ප්‍රධානීන් මෙසේ හමුවන බව පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.