(එෆ්.අස්ලම් සහ විජේරත්න රත්නායක)
රථවාහන වරදක් විසඳා දීම සඳහා කාන්තාවකගෙන් ලිංගික අල්ලස් ඉල්ලූ බව කියන බදුල්ල මූලස්ථාන පොලිසියේ රථවාහන අංශයේ සැරයන්වරයකු සම්බන්ධයෙන් බදුල්ල දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති අසංග කරවිට මහතාගේ නියමය මත පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි පොලිස් ආරංචි මාර්ග පවසයි.
මෙම නිලධාරියා සිය පොලිස් බලය අයුතු ලෙස පරිහරණය කරමින් තමාට අවස්ථා කිහිපයකදීම දුරකතනයෙන් කතා කර ලිංගික අල්ලස් ඉල්ලූ බවට බදුල්ල නෙළුම්ගම ප්‍රදේශයේ පදිංචි විවාහක කාන්තාවක විසින් පටිගතව ඇති දුරකතන සංවාද සමගින් ඌව පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙත මීට දින කිහිපයකට පෙර පැමිණිල්ලක් සිදුකර තිබිණි.
මෙම නිලධාරියා පැමිණිලිකාර කාන්තාවගේ දුරකතන අංකය ද ගෙන ඇයගේ රියදුරු බලපත්‍රය තමන් සන්තකයේ තබා ගනිමින් එය නැවත ලබා දිමට නම් තමා හා පැමිණෙන ලෙසට දුරකතන මාර්ගයෙන් අවස්ථා කිහිපයකදීම බලපෑම් සිදුකර ඇති බවට ඇය විසින් සිදුකර ඇති පැමිණිල්ලේ සඳහන්ව ඇතැයි ද එම ආරංචි මාර්ග පවසයි.
ඌව පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් මේ පිළිබඳ විමර්ශනයක් සිදුකරන ලෙස බදුල්ල දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති අසංග කරවිට මහතාට නියෝග කර ඇති අතර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ උපදෙස් මත ප්‍රදේශය බාර සහකාර පොලිස් අධිකාරිවරයකුගේ අධීක්ෂණය හා මෙහෙයවීම යටතේ මේ පිළිබඳ පරීක්ෂණයක් අරඹා ඇත.
මෙකී නිලධාරියා මෙවන් විනය විරෝධී ක්‍රියාවන් රැසකටම පොලිසිය සහ සිවිල් සමාජය තුළ දැඩි අප්‍රසාදයට ලක්ව සිටින අයෙකු බවත් පොලියට මුදල් ලබා දී ගෙවීමට අතපසු වූවන් හට පොලිස් බලය අයුතු ලෙස යොදා ගනිමින් තර්ජනය කිරීමේ සිදුවීම් ද වාර්තා වී ඇති බවද පොලිසිය පවසයි.
මේ සම්බන්ධයෙන් බදුල්ල දිසාවේ උසස් පොලිස් නිලධාරියකුගෙන් කළ විමසුමකදී එම නිලධාරියා සඳහන් කළේ එවන් සිද්ධියකට අදාළ විමර්ශනයක් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ නියෝග මත සිදුවන බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නාකොටික් කට්ටිය පමණක් නොවෙයි, පොලිසියේ අනිත් පැතිත් හැදීමට කාලය පැමිණ ඇත. නීතියේ යම් යම් කරුණු කාරණාවලට පටලැවී අසරණ වූ කාන්තාවන්ගෙන් මෙසේ ලිංගික අල්ලස් වලින් ඉල්ලීම මොන තරම් නීච පහත් ක්‍රියාවක්ද? මෙවන් නිලධාරීන්ට මහ උලු ගෙදර යවනවා හැරෙන්නට නැවතත් රාජකාරිය කිරීමට ඉඩ නොදිය යුතුය. අහෝ...!!! මේ රටේ පොලීසියට ගිය කලක් ..
වැඩිම උනොත් ස්ථාන මාරුවක් දෙයි. නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ.
මෙහෙමත් පොලිසියක් අපට අවශ්‍යයිද?
MCC වගේ ගිවිසුමක් අත්සන් කරලා ඇමරිකන් පොලිසියට පාලනය කරන්න දුන්නා නම් හරි....
මට හිතෙන්නේ ආධුනිකයන් පොලිසියට බඳවාගැනීමේදී අනුගමන කරනා ක්‍රියාපටිපාටියෙහි යම්කිසි සාධනීය වෙනස්කම් කිරීමට දැන් කාලය එළඹ ඇතිබවයි.. මම අහලා තියෙන ආකාරයට මෙයට දශක කිහිපයකට පෙර කාලයෙහි පොලිසියට බැඳීම යනු ඉතාමත් විරල සහ කලාතුරකින් ලැබෙනා අවස්ථාවක්... යමෙකු පොලිස් වෘත්තිය සඳහා අයදුම්පතක් යොමු කළ පසු ඔහු පිළිබඳ පමණක් නොව ඔහුගේ පරම්පරාවෙහි අතීත ක්‍රියාකාරකම් සහ හැසිරීම පිළිබඳ පවා ඉතා සියුම් හා දැඩි විපරමකට භාජනය කිරීමට එම කාලයෙහි පොලිස් දෙපාර්තමේන්තුව කටයුතු යොදා තිබූ බව අතීතය ගැන විමසා බැලීමේදී දැනගැනිමට ලැබෙන කාරණයක්... ඒ හැමදේටම හේතුව පුහුණුව සහ බලය ලැබුණු පසු ඔවුන් කෙසේ ක්‍රියාකරාවිදැයි යන කාරණය එම පුද්ගලයා අයිති පරම්පරාවෙහි ජාන සැකැස්මේ සිට දැනගැනීමේ එ්කායන පරම චේතනාව පොලිස් දෙපාර්තමේන්තුව සතුව තිබූනිසා විය හැකියැයි අපට අනුමාන කළ හැකි කාරණයක්... එහෙත් මට සිතෙනුයේ ලංකාවෙහි ත්‍රස්තවාදී කටයුතු ආරම්භවීමත් සමග ලංකා පොලිස් සේවයට බඳවාගැනීමේදී පුද්ගලයන් සතු ගුණාංග සහ අධ්‍යාපනික මට්ටම යන කාරණා ඉතා පහළ අගයකින් සැලකීමට පොලිස් දෙපාර්තුමේන්තුවට සිදු වූ බවයි.. නමුත් මේ එය වෙනස් කිරීමට කාලය බව මට සිතේ..
දවසකට සියදහස් වාරයක් සිද්ද වෙනවා. මේ කාන්තා අල්ලස් ක්‍රමය කෙසේ හෝ නැති වෙනවා නම් අපිත් කැමැතියි.
මානසික රෝගීන්ගෙන් පිරුණු සමාජයක්... හේතුව මත්පැන්, මත්ද්‍රව්‍ය, මුඩුක්කු සංස්කෘතිය...
මෙම දුරකථන සංවාදය.., සාජන්ගේ බිරිඳට අහන්න සලස්වනවා නම් නීතියෙන් නීතියෙන් දෙන දඬුවමට වඩා හොඳ දඬුවමක් ලැබෙයි.
කළින් චෝදනා තිබුණු නිලධාරියෙක් බව පොලීසියම කියනවා.. දැනගෙන හිටියා නම් දඬුවම් කරන්න තිබුණනේ...
මේවාට දඬුවම් හැටියට දෙන්නේ මොනවාද කියලා දැනගන්න බිරිඳට, නෑදෑයින්ට, අසල්වාසීන්ට ඒවා ගැන විස්තර ලැබෙන්න සලස්වන්න ඕනේ..