(ටී.කේ.ජී.කපිල)

රුපියල් ලක්ෂ තිහක් වටිනා විදේශීය නිෂ්පාදිත භාණ්ඩ තොගයක් නීතිවිරෝධී ලෙස  කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති " හරිත මාවත "  ඔස්සේ පිට කර ගෙන යමින් සිටි ශ්‍රී ලාංකික  කාන්තාවක අද උදෑසන ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .

සැකකාරිය කොළඹ , ගුණසිංහපුර ප්‍රදේශයේ පදිංචි 56 හැවිරිදි ව්‍යාපාරික කාන්තාවකි .

එහිදී ඇය විසින් රැගෙන ආ ගමන් මලු තුළ සුවද විළවුන් , තොල් සායම් , රූපලාවන්‍ය ආලේපන , ලැප්ටොප් පරිගණක යන්ත්‍ර සහ විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් මෙන්ම මත්පැන් බෝතල් තොගයක් ද සගවා ගෙන තිබුණි .