IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


කෝඬුකාරයෝ දෙදෙනෙක් ටෙස්ට් ක්‍රිකට් සංචිතයට

(යොහාන් භාසුර)

නවසීලන්තයට එරෙහිව ලබන මස පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා සංචිතයට කෝඬුකාරයන් වන නිෂාන් මධුෂ්ක සහ මිලාන් රත්නායක ඇතුළත් කර තිබේ.

එම තරගාවලියට දිමුත් කරුණාරත්නගේ නායකත්වයෙන් 17 දෙනකුගෙන් යුත් සංචිතයක් නම් කර ඇති අතර ශ්‍රී ලංකා කණ්ඩායම් මේ මස 27 වැනිදා නවසීලන්තය බලා පිටත්ව යෑමට නියමිතය.

ආරම්භක පිතිකරු 23 හැවිරිදි නිෂාන් මධුෂ්ක මොරටු මහ විදුහලේ ආදි ශිෂ්‍යයෙක් වන අතර දකුණතින් වේග පන්දු යවන මිලාන් රත්නායක වාරියපොළ ශ්‍රී සුමංගල විදුහලේ ආදි ශිෂ්‍යයෙකි.  

ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය:

දිමුත් කරුණාරත්න (නායක), ඕෂද ප්‍රනාන්දු, කුසල් මෙන්ඩිස්, ඇන්ජලෝ මැතිව්ස්, ධනංජය ද සිල්වා, දිනේෂ් චන්දිමාල්, කමිඳු මෙන්ඩිස්, නිරෝෂන් දික්වැල්ල, නිෂාන් මධුෂ්ක, රමේෂ් මෙන්ඩිස්, ප්‍රභාත් ජයසූරිය, චාමික කරුණාරත්න, කසුන් රාජිත, ළහිරු කුමාර, අසිත ප්‍රනාන්දු, විශ්ව ප්‍රනාන්දු සහ මිලාන් රත්නායක 



අදහස් (8)

කෝඬුකාරයෝ දෙදෙනෙක් ටෙස්ට් ක්‍රිකට් සංචිතයට

P.E. Fernando Friday, 24 February 2023 08:29 PM

තවමත් ක්‍රිකට් බෝඩ්් එකට මොළයක් නැහැ. පරණ කට්ටිය මොනවට ගේනවද දන්නේ නැහැ. තරුණ ක්‍රීඩකයෝ ඉන්නවා හොඳට දක්ෂතා දක්වන.

:       5       7

වර්ණපුර Saturday, 25 February 2023 01:48 AM

අනේ උඹලා ඕකට ගියාට කමක් නෑ. ටිකක් ප්‍රසිද්ධ වෙනකොට, ලකුණු, විකට් ටිකක් ගන්නකොට ටිකක් ප්‍රසිද්ධ වෙනකොට උඩින් යන්න හදන්න එපා අර මොකාද වගේ. තමන්ගේ ගෞරවය මෙන්ම රටේ ගෞරවයත් රැකගන හොඳින් ක්‍රීඩාකර තමන්ටත්, රටටත් ගෞරවයක්‌ ගෙනදීමට ශක්තිය, ධෛර්‍ය, නිහතමානී කම ලැබේවා. ඔබලා දෙදෙනාට සුබපැතුම්. තෙරුවන්සරණයි.

:       0       10

පැරකුම්Saturday, 25 February 2023 10:11 AM

කාලීන අවවාදයක්. කොල්ලො පිලිගත්තොත් සතුටුයි.

:       0       10

P.A.Binduhewa Saturday, 25 February 2023 09:19 AM

Good.Must introduce young blood and try but the old hands also should be at hand.

:       4       2

de silva Saturday, 25 February 2023 02:52 PM

කුසල් මෙන්ඩිස්, නිරෝෂන් දික්වැල්ල ඉන්නවා.. අඩුපාඩුවකට තියෙන්නේ ධනුෂ්ක පමණි... එයත් ඇපපිට හරි ඕස්ට්‍රේලියාවෙන් නවසීලන්තයට ගෙන්වා ගත්තා නම් තුන්කට්ටුව සම්පූර්ණ වේවි..!

:       0       6

sanjeewa Saturday, 25 February 2023 08:37 PM

මොන දහජරාවැඩේ කළත්, ලෙඩ ඇඳේ සිටියත්, නැවත ඉපදිලා හරි සෙට් එක නම් ක්‍රිකට් පිලේ ඉන්නවා...

:       0       4

Rasika Saturday, 25 February 2023 10:47 PM

නිරෝෂන් දික්වැල්ල මොකටද දැම්මේ. ටී10 වගේ එකකට නම් හොඳයි. ඒ චාන්ස් එකත් අලුත් ප්ලේයර් කෙනෙකුට දෙන්න තිබ්බා කෘෘස්පුල්ලේ වගේ.

:       0       2

sarath Sunday, 26 February 2023 03:55 PM

ලකුණු කෙසේවෙතත් මේ සෙට් එක කුරුස ගහන්න නම් දක්ෂයි...

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 363 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 218 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site