(රන්ජන් කටුගම්පොල සහ නිමන්ති රණසිංහ)

සිරගත කර සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා විසින් අධිකරණයට අපහස කරනු ලැබීමේ සිද්ධියට අදාළ දෙවැනි නඩුව සම්බන්ධයෙන් කණගාටුව ප්‍රකාශකිරීමට සූදානම් බව රන්ජන් රාමනායක මහතා අද (25) ශ්‍රේෂ්ඨාධිකරණයේදී ප්‍රකාශ කළේය.

මෙම සිද්ධියට අදාළ නඩුව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද 25 උදෑසන කැඳවුණු අතර  එහිදී මෙම කරුණු ඉදිරිපත් විණි.  

බුවනෙක අළුවිහාරේ, ගාමිණි අමරසේකර සහ එල්.ටී. බී. දෙහිදෙණිය යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම නඩුව අද (25) කැඳවිණි.

ශ්‍රේෂ්ඨාධිකරණ පරිශ්‍රයේදී අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා මහතාට එරෙහිව පණවා තිබූ දෙවැනි නඩුව මෙය වෙයි.

දිවා විවේකෙන් පසු නැවත නඩුව ආරම්භ කෙරෙනු ඇත. 

(ඡායාරූප: ශාන්ත රත්නායක)