IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


කුණු වතුර දියවන්නාවට හැරවූ හෝටලයක් ඇතුළු 10 කට නඩු

(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)

තලවතුගොඩ හා මහරගම ප්‍රදේශවලදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්  සිදු කළ හදිසි ආහාර වැටලීම් දෙකකදී පාරිසරික නීති උල්ලංඝනය කරමින් ආපන ශාලාවකින් බැහැරලන අප ජලය දියවන්නා ඔයට හරවා තිබූ හෝටලයක් ඇතුළු ස්ථාන දහයකට එරෙහිව අධිකරණයේ නඩු පැවරූ බව මහරගම සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලය පවසයි.

මහරගම සහ තලවතුගොඩ මහජන සෞඛ්‍ය පරීක්ෂක කොට්ඨාශ දෙකෙහි පිහිටි කිඹුලාවල විදී ආහාර කඩ ඇතුළු ආපනශාලා හෝටල් දහ හතක මෙම හදිසි රාත්‍රී ආහාර වැටලීම සිදු කර තිබුණි.

එහිදී මනුෂ්‍ය පරිභෝජනයට නුසුදුසු සෞඛ්‍ය ආරක්ෂිත බවින් තොරව ආහාර නිෂ්පාදනය , ගබඩා කිරීම හා අළෙවි කළ ස්ථාන හමු වූ අතර ඇතැම් ස්ථාන වල පිසූ කඩල මස් මාලු හා එළවළු වර්ග සමග නොපිසූ මස් මාලු අයිස් ක්‍රීම් වැනි දෑ එකට ශීතකරනවල ගබඩා කර තිබීම, ඒ සදහා පිළිකාකාරක ප්ලාස්ටික් බදුන් භාවිතා කර තිබීම හා සෞඛ්‍ය නීති උල්ලංඝනය කරමින් මුළුතැන්ගෙවල් පවත්වාගෙන යාම වැනි වැරදි අනාවණය වී තිබූ බව පැවසේ.

මේ අතර තලවතුගොඩ ප්‍රදේශයේ හෝටලයක් පරීක්ෂා කිරීමේදී ඉන් බැහැලන අප ජලය භූ ගත  නළ මාර්ග ගලි වලකට හරවන මුවාවෙන් දියවන්නා ඔයට හරවා තිබෙනු දක්නට ලැබුණු බව මහජන සෞඛ්‍ය පරීක්ෂක නිළධාරීන් පවසති.



අදහස් (2)

කුණු වතුර දියවන්නාවට හැරවූ හෝටලයක් ඇතුළු 10 කට නඩු

Pradeep Kumara Monday, 01 September 2025 02:48 PM

කොළඹ ප්‍රදේශයට කිසියම් වැඩ කටයුත්තකට යන සාමාන්‍ය පුද්ගලයෙකුට ආහාර ගැනීමට පිරිසිදු තැනක් සොයා ගැනීම සහ පිරිසිදු පෝෂණීය ආහාර වේලක් සපයා ගැනීම ඉතාමත් අසීරුය. ආහාර සුරක්ෂිත තාවය අතින් ඉතාමත් පහල තැනක තමයි අපගේ ප්‍රධාන නගරාශ්‍රිත ආපන ශාලා තියෙන්නේ. ඒ වගේම පිටකොටුවේ පදික වෙලෙන්දන් කරන සටකපට වැඩ. ඔවුන් නීතියේ රැහැනට හසුකර දැඩි දඬුවම් ලබා දිය යුතුමයි.

:       0       10

Asiri Monday, 01 September 2025 04:28 PM

ඉතින් පැලවත්තේ ඇති හෝටල්වල සේරම වතුර හරවලා තියෙන්නේ පාරේ කාණුවට... ඒවා යන්නෙත් දියවන්නාවට තමයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 425 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16818 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 649 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site