
(කාංචන කුමාර ආරියදාස)
මිනිස් පරිභෝජනයට නුසුදුසු අර්තාපල් අල කිලෝ 45,000කට අධික ප්‍රමාණයක් දඹුල්ල ගබඩාවක සිද්ද කරමින් තිබියදී දඹුල්ල නගරාධිපති ජාලිය ඕපාත මහතා විසින් සොයාගනු ලැබීය.
මෙම අල සුද්ද කර සොටීස් (කෙටිකෑම) පිළියෙළ කිරීම සඳහා හෝටල්වලට බෙදා හරින බවට තොරතුර හෙළි කර ගැනිමට හැකි විය. ඉන්දියාවෙන් ගෙන් වු බව කියන මෙම අල තොග කාන්තාවන් යොදවා සුද්ද පවිත්‍ර කර රට පුරා බෙදා හැර ඇතැයි ද නගරාධිපතිවරයා කියා සිටියේය.
කාන්තාවන් 25 දෙනකු පමණ එම අල පිරිසිදු කරමින් සිට ඇත.
නගරාධිපතිවරයා සහ මන්ත්‍රීවරයා එම ස්ථානයට ගමන් කරනවාත් සමග සේවයේ යොදවා සිටි කාන්තාවන් හිස් ලූ ලූ අත දිව යන්නට විය. කෙසේ වෙතත් නගරාධිපතිවරයා එම සේවයේ යෙදෙමින් සිටි කාන්තාවන්ට කියා සිටියේ තමන්ට ගැටලුවක් නොවන නිසා දිව යෑමෙන් වළකින ලෙස ය.
විශාල ගබඩාව තුළ අර්තාපල් අල බෙහෙවින් නරක් වී මිනිස් පරිභෝජනයට නුසුදුසු තත්ත්වයේ පවතින බව නගරාධිපතිවරයා පෙන්වා දුන්නේය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නගරාධිපතිතුමාගේ රංගන හැකියාව නම් උපරිමයි.. පාර්ලිමේන්තු යන්න හොඳ උත්සාහයක්.. අවුරුද්දට දෙතුන් පාරක් මේ වගේ සංදර්ශන අපි දකිනවා.. අත යටින් පගා ගහලා බොරු සිංහවෙස් ගන්න හැදුවාට කොටළු ගති අරින්න බෑ..
අනේ රටට ගිය කලක්... හැමතැනම කුණු, මුහුදේත් කුණු නැවක්, ගොඩ බිමේත් කුණු...
මේ ටික නැවත හිටෙව්වොත් මීට වඩා වැඩක් වෙයි වගේ... නමුත් හිටෝලා කනවට වඩා ගෙන්නවලා කෑම ලාබදායකයිනේ...
හා හා, ලොක්කා අපට ඕගනික් කවන්න හදනවා...
දැන් කෘෂිකර්ම ඇමති කියයි පැල වුන අල කෑවම කොවිඩ් හැදෙන්න නැහැ කියලා
රටේ මිනිස්සුන්ට කන්ඩ නැහැ. බඩු මිළ ඉහටත් උඩින්... ඒ මදිවාට නාස්තිය... බෙදාහැරීමේ කිසිම පිළිවෙලක් නැතිකම... හෙන ගහන වැඩ... දියවන්නාවේ ඉන්න අයට කවන්‍ඩයි වටින්නේ..
මුං ඇට වගේ දේවල් පැල කරලා කෑවාම පෝශ්‍ය ගුණය වැඩියි කියනවා නේද? එහෙනම් අලත් පැල කරලා කෑවම මොකද වෙන්නේ? වරායට පැමිණි නැව් මාසයක් හමාරක් භාණ්ඩ ගොඩ නොබා රඳවා සිට ගෙනාවාම පැලවෙන්න පුළුවන්...
හැමතැනම කෙටිකෑම අස්සේ තියෙන්නේ බාගෙට බාගයක් ජරාව තමයි.
මේ අල ෂෝට් ඊට්ස් ගහන්න නම් අවුලක් නෑ..