(ගයාන් සූරියආරච්චි)
පසුගිය මාස 4 ක කාලය තුළ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූ පොලිස් නිලධාරීන් 17 දෙනකු ස්ථීරවශයෙන් සේවයෙන් පහ කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා පැවැසීය.
පොලිසියට අනුයුක්තව රාජකාරී සිදුකරමින් මත්ද්‍රව්‍ය භාවිත කරන පොලිස් නිලධාරීන් සම්බන්ධයෙන් බුද්ධි අංශ විසින් නිලධාරී ලැයිස්තුවක් ලබාදී ඇති අතර එම ලැයිස්තුව වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා හරහා සියලුම ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට යවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.
ඒ අනුව එම ලයිස්තුගත නිලධාරීන් පිළිබදව විමර්ශන පවත්වා ඔවුන් වෛද්‍ය පරීක්ෂණවලට යොමුකර එහිදී මත්ද්‍රව්‍ය භාවිත කරන බවට තහවුරු වුවහොත් පොලිස් සේවයෙන් පහ කිරීමට කටයුතු කරන බවද මනතුංග මහතා පැවැසීය.
මත්ද්‍රව්‍ය භාවිත කරන තවත් නිලධාරීන් ගණනාවක් පිළිබදව විමර්ශන සිදුකරන බවත් එවැනි නිලධාරීන් සම්බන්ධයෙන් විමර්ශන පවත්වා මත්ද්‍රව්‍ය භාවිත කරන බවට තහවුරු වුවහොත් කිසිදු සමාවක් නොමැතිව දැඩි තීරණ ගන්නා ලෙසට වැඩබලන පොලිස්පතිවරයා උපදෙස් දී ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවැසීය.
මහජන සාමය ආරක්ෂා කර ගැනීම සඳහා සන්නද්ධ හමුදා දිවයින පුරා කැඳවීමට ජනාධිපතිවරයා ආඥාවක් නිකුත් කර ඇතැයි කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පාර්ලිමේ
ජාතික ජන බලවේගයේ කෝසල නුවන් ජයවීර මහතාගේ අභාවයෙන් හිස් වූ කෑගලු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයට පත් කෙරුණු සමන්ත රණසිංහ මහතා කථානායක වෛද්‍ය
පාප් ධුරයට සුදුස්සකු තෝරා ගැනීමේ රහස් ඡන්ද විමසීම වතිකානයේ සිස්ටවින් දෙව්මැදුරේ දී පැවැත්වෙන නමුත්, එම ඡන්ද විමසුමට සහභාගී වන කාදිනල්වරුන් කිසිවකුට
තංගල්ල හම්බන්තොට ප්‍රධාන මාර්ගයේ රන්න වාඩිගල ප්‍රදේශයේදී මාර්ගය ආසන්නයේ නවතා තිබූ ලොරි රථයක මාර්ගයේ ගමන් කරමින් තිබූ බස් රථයක් ගැටීමෙන් බස් රථයේ ගමන
මුලතිව්, පුදුකුඩියිරිප්පු කාලියඩි , වෙල් යායක වැඩ කරමින් සිටි ගොවියෙකු අකුණු සැර වැදී මරණයට පත්ව ඇති බව පුදුකුඩියිරිප්පු පොලිසිය සදහන් කරයි.
මියන්මාරයේ සයිබර් කදවුරු තුළ රදවා තබා ගෙන සිටි ශ්‍රී ලාංකික තරුණයන් 15 දෙනෙකු , එයින් මුදා ගෙන සංක්‍රමණය සදහා වන ජාත්‍යන්තර සංවිධානය ( International Organization for Migration ) මග
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
කුඩුවලට ඇබ්බැහිවූ පොලිසියේ 17 ක් දොට්ට
Jayantha Tuesday, 11 February 2025 08:06 PM
මොන දාහතක්ද පන්දහට වැඩිය ඉන්නවා
kumara Wednesday, 12 February 2025 07:40 AM
ඕකට බුද්ධි අංශ ඕනද? කෙස් ගස් ටිකක් විතරයි ඕන. විද්‍යාත්මකව පරීක්ෂණය කරන්න. නිකං බොරු සමයං! ඒක කරන්නේ නැතිව, අනිවාර්යය වෛද්‍ය පරීක්ෂණයක් නොකර, බයිලා කරනවා. අනිවාර්යය වෛද්‍ය පරීක්ෂණයක් කලොත් මත්ද්‍රව්‍ය පරීක්ෂණයක් කරන්න, ඕකේ 70%ක් විතර ගෙදර. වැල් බයිලා.
රුවන් Thursday, 13 February 2025 12:26 PM
මත්ද්‍රව්‍ය භාවිත කරන පොලිස් නිලධාරීන් දහසකට වඩා ඉන්නවා.