IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


කඩවත ව්‍යාපාරිකයාගේ ඝාතකයෝ මාට්ටු

සුමිත් පොතුපිටිය,තුසිත කුමාර ද සිල්වා සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ

පානදුර, පින්වත්ත ටිඩීමන් සිල්වා මාවතේ දී සුඛෝපභෝගී ජීප් රථයක් තුල කෝටිපති ව්‍යාපාරිකයකයකු වෙඩිතබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් වෙඩික්කරු සහ යතුරුපැදිය පැදවූ පුද්ගලයා ගිනි අවිය සමග අද (05) අත්අඩංගුවට ගත්බව කළුතර අපරාධ කොට්ඨාසය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ තෙලිකඩ පොලිස් වසමේ ගිනිමැල්ලගහ ප්‍රදේශයේ පදිංචි මරිසි පොඩී නමැති අන්වර්ථ නාමයෙන් හදුන්වන එදින යතුරු පැදිය පැදවූ පුද්ගලයකු සහ වෙඩිතැබීම සිදුකල පුද්ගලයා බවත් ඔවුන් 34 සහ 40 වියැති වියේ පසුවන අයවලුන් බවත් පොලිසිය කීය.

කඩවත කිරිල්ලවල, බංගලාවත්ත ප්‍රදේශයේ පදිංචි 57 හැවිරිදි කෝටිපති ව්‍යාපාරිකයකු වූ අනුරාධ සම්පත් කුඩාගොඩ නැමැත්තා ඉකුත් 28 දා උදෑසන දරුවන් දෙදෙනකු පාසලට ඇරලවා පින්වත්ත ටිඩීමන් ද සිල්වා මාවතේ කෙලවර ඉදිකරන නිවසේ කටයුතු සොයාබැලීම සදහා සුඛෝපභෝගී ජීප් රථයකින් එමින් සිටියදී යතුරුපැදි කරුවන් දෙදෙනකු පැමිණ දකුණ කම්මුල ප්‍රදේශයට වෙඩිතබා රියදුරු අසුන මත ඝාතනය කර තිබුණි .

කෝටිපති ව්‍යාපාරිකයා ඝාතනය සිදුවූ දින පානදුර සිට කළුතර දෙසට ගමන් කර ඇති අතර, කළුතර දෙස සිට ඝාතකයන් ජීප් රථය ලුහුබැඳ පින්වත්ත දක්වා පැමිණ ඇති බවට තොරතුරු ලැබී ඇතැයිද පැවසේ.

යතුරුපැදිය පැදවූ බව කියන සැකකරු ගාල්ල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඔහුගෙන් ලද තොරතුරු මත වෙඩිතැබීම සිදු කළ සැකකරු ඇල්පිටිය තෙලිකඩ, ගිනිමැල්ලගහ නිවසේ සැගව සිටියදී අත්අඩංගුවට ගෙන ඇතැයිද සදහන් වේ.

දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමේ දී අනාවරණය වූ තොරතුරු මත චීනයේ නිෂ්පාදිත මිලිමීටර් 9 වර්ගයේ උන්ඩ යෙදිය හැකි ස්වයංක්‍රීය ගිනි අවියක් සහ එම පතුරම් 8 ක් සොයාගත් බවද පොලිසිය කීය.

මුදල් කොන්ත්‍රාත්තුවක් මත වෙඩිතැබීම සිදුකර ඇද්ද යන්න සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරන බව පොලිස් නිළධාරීයෙක් කීය.

ඝාතනය සිදුව විනාඩි 30 ක් වැනි කාලයක් තුලදී කිලෝමීටර් හතරක් පමණ ඈතින් පිහිටි වාද්දුව වේරගම පාරේ සයිප්‍රස් උද්‍යානයේ මාර්ගය ආසන්නයේ දමා ගොස් තිබූ ප්ලැටීනා වර්ගයේ යතුරුපැදිය අනුව පරීක්ෂණ සිදුකිරීමෙන් පසු සැකකරුවන් අත්අඩංගුවට ගත්බව පොලිසිය පවසයි.

පරීක්ෂණ සිදුකළ පොලිස් කණ්ඩායම්  ප්‍රදේශයේ සිසිටිවී කැමරා දෙසීයකට ආසන්න ප්‍රමාණයක් නිරීක්ෂණය කිරීමෙන් පසු සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට හැකිවූ බව සදහන් වේ.



අදහස් (1)

කඩවත ව්‍යාපාරිකයාගේ ඝාතකයෝ මාට්ටු

Lalla Monday, 06 March 2023 04:42 PM

අවශ්‍ය කොන්ත්‍රාත්තුව දුන්න කෙනා. කුලීකරුවා නොවේ. ගෑනු හුටපටයක් විය යුතුය

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 376 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 223 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1015 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site