
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුට ආධාර අනුබල දුන් බව කියන පොලිස් කොස්තාපල් තිදෙනෙක් මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගනු ලැබූහ.
අත්අඩංගුවට ගත් මෙම කොස්තාපල් තිදෙනා අධිකරණයට ඉදිරිපත් කර වැඩිදුර විමර්ශන සඳහා මෙම මස 31 වැනි දා දක්වා රැඳවුම් නියෝග ලබා ගත් බව පොලීසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මරදාන පොලිසියේ කොස්තාපල් දෙදෙනකු සහ ආධුනික කොස්තාපල්වරයෙකි.
මෙම තිදෙනා 30, 32 සහ 22 හැවිරිදි වියේ පසුවෙති.
අත්අඩංගුවට ගත් එක් කොස්තාපල්වරයකු මත්ද්‍රව්‍ය පානය කිරීමට ඇබ්බැහි වී සිටින බව ද පරීක්‍ෂණවලින් හෙළි වී ඇතැයි පොලිස් ආරංචි මාර්ග පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි ඔච්චරද? තව කොච්චර නම් ඉන්නවාද පොලිසියේ. හරියට ඇල්ලුවොත් අපට පොලිසියක් නැතුව යනවා...
මෙහෙම අයව පොලිසිවල තියාගෙන කොහොමද නීතියයි, සාමයයි ආරක්ෂා කරන්නේ.