IMG-LOGO

2025 අගෝස්තු මස 02 වන සෙනසුරාදා


කුඩු සැකකාරියක් බේරන්න ලක්ෂ හතරක් ගත් අයෙක් මාට්ටු

(ඉන්දිකා  රාමනායක )

අයිස් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගත් සැකකාරියක බේරා දෙන බවට පවසා ඇගේ වැඩිමල් සහෝදරිය ගෙන් රුපියල් ලක්ෂ 4 ක මුදලක් බලෙන්  ලබාගත්   සැකකරුවකු අත්අඩංගුවට ගත් බව නවගමුව පොලිසිය පවසයි.

අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 5 ට අසන්න ප්‍රමාණයක් සමඟ 22 හැවිරිදි කාන්තාවක  නවගමුව පොලිසිය මගින් නවගමුව නිවසකදී විිසින් අත්අඩංගුවට ගෙන තිබුණි.

මෙම සැකකාරිය  කැලණිය ප්‍රදේශය පදිංචිකාරියක් බවත් ඇය නවගමු ප්‍රදේශයේ කුලී නිවසක රැඳී සිටිමින් මෙම ජාවාරම සිදු කර ගෙන ගොස් ඇති බවත් පොලිසිය කියයි.

එම කුලී නිවස හිමි (35)  හැවිරිදි පුද්ගලයා සැකකාරියගේ සොහොයුරිය ගෙන් ඇය බේරා දෙන බවට පවසා බලෙන් මෙම මුදල ලබාගෙන ඇති බවද පැවසේ.

මේ සම්බන්ධයෙන් පොලීසියට ලැබුණු තොරතුරකට අනුව පොලීසිය එම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර.සැකකරු බලෙන් ලබාගෙන තිබූ රුපියල් ලක්ෂ 4 ක මුදලෙන්  3,98000 ක මුදලක් පොලිසිය භාරයට ගෙන ඇත 

අයිස් මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් ඉහත සැකකාරිය ද, ඇය බේරා දෙන්නට බවට පවසා මුදල් ලබාගත්  සැකකරුවන්ද  අද (25) කඩුවෙල අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත 



අදහස් (0)

කුඩු සැකකාරියක් බේරන්න ලක්ෂ හතරක් ගත් අයෙක් මාට්ටු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 156 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 304 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 653 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site