(ටෝනි කරුණානායක)
පහළොස් හැවිරිදි තම නැගිනිය රුපියල් 15000 ක මුදලකට සහ හෙරොයින් ගෑම් 01කට හෙරොයින් ජාවාරම්කරුවකුට විකුනු අක්කා සහෝදරියක අත්අඩංගුවට ගත් බව මිනුවන්ගොඩ පොලිසිය පවසයි.
මුදල් සහ හෙරොයින් ලබා දී එම දැරියව ලබා ගත් හෙරොයින් ජාවාරම්කරුවද හෙරොයින් මිලි ග්‍රෑම් 5120 ක් සමග අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකාරිය 26 වැනි වියේ පසුවන එක්දරු මවක් බව පොලිසිය කීය .
දැරියගේ මව හෙරොයින් ජාවාරම් කිරීමේ චෝදනාවක් මත බන්ධනාගාරගතව ඇත.
දැරියව විකුණු අක්කා හෙරොයින් පානයට තදින්ම ඇබ්බැහි වී සිටින්නීයක් බව ද පොලිසිය කියයි.
මව බන්ධනාගාර ගත වූවායින් පසු දැරිය රැක බලාගෙන ඇත්තේ මෙම තැනැත්තිය විසින් බව පොලිස් පරීක්ෂන වලින් අනාවරණය වී තිබේ .
බටහිර නිල්පනාගොඩ පදිංචි සැකකරු හෙරොයින් ජාවාරමේ යෙදෙන බවට ලැබුණු තොරතුරක් මත සැකකරුගේ නිවස වටලා හෙරොයින් මිලි ග්‍රෑම් 5120 ක් සමග සැකකරුව අත්අඩංගුවට ගෙන ඇත. එහිදී සැකකරුගේ නිවසේ සිටින මෙම කුඩා දැරිය කවුද යන්න පොලිස් නිලධාරීන් විමසා තිබේ.
එම අවස්ථාවේ නිවසේ සිටි සැකකරුගේ මව සිද්ධිය අනාවරණය කිරීමෙන් පසු දැරියව පොලීසිය බාරයට ගෙන දැරිය විකුණූ බව කියන සැකකාර අක්කා මෙසේ අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වගේ පවුකාරයින් අහුනාම මේ ලෝකෙන්ම චුත කරලා දැම්මට පාඩුවක් නෑ. මේ වගේ අය හිටියා කියලා ලෝකෙට වැඩකුත් නෑ. රටේ කරුමෙට උපන් සත්තු
මෙවන් අසිරිමත් ජාතිය ජයෙන් උදාරයි...
කරුමේ කියන්නේ මේ වගේ අය බේරගන්නයි, ඒ අය වෙනුවෙන් කතා කරන්නයි සමාජයේ ඕනෑ තරම් මිනිස්සු ඉන්නවනේ..
මේවාගේ එවුන්ට සහෝදරියන් කියන්නත් බෑ. අප්පිරියයි.
මේ වගේ රටවල්වල පවතින දහජරා පාලනය අවසන් වනතුරු මේ වගේ අසමත්ජාති වැඩ නතර නොවනු ඇත!
පාලනය යහපත් වෙනතුරු මේක සාමාන්‍ය දෙයක්...!
තිරිසන් වැඩක්...!
වසර 2500ක ඉතිහාසයක් ඇති ප්‍රෞඩ ජාතියක්...