IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


කාඩ් පතින් අධිවේගයේ ගාස්තු ගෙවීම අරඹයි

(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ බුද්ධික කුමාරසිරි)

අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා රියදුරන්ගෙන් මුදල් අය කිරීම වෙනුවට   කාඩ් පත් මගින් ගාස්තු ගෙවිමේ නියමු ව්‍යාපෘතිය ආරම්භ කිරීම අද  (11).කොට්ටාව අධිවේගී අන්තර් හුවමාරු මධ්‍යස්ථානයේදී සිදු කෙරිණි.

මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති ටි. පාස්කරන් මහතා  එම නියමු ව්‍යාපෘතිය ආරම්භ කරමින් කඩවත දෙස සිට සිය ජීප් රථයෙන් පැමිණ කොට්ටාව අන්තර් හුවමාරු මධ්‍යස්ථානයේ පිටවීමේ දොරටුවේ  කවුළුව වෙත සංකේතවත් ලෙස කාඩ්පත මගින්  මුදල් ගෙවීම සිදු කළේය.

ඒ අනුව  අද  (11) දින සිට කාඩ්පත් මගීන් ගෙවීම් කළ හැකි වන්නේ කොට්ටාව කඩවත අතර හුවමාරු ස්ථානවලදී පමණක් වන අතර ඒ සඳහා විශේෂ මන්තීරුවක් වෙන්කර ඇති බවත් එම මන්තීරුව භාවිතා කරන ලෙස මාර්ගයේ ගමන් ගන්නන්ට අධිවේගී මාර්ග මෙහෙයුම් නඩත්තු හා කළමනාකරණ ඒකකය දන්වයි.

මාසයක පමණ කාලයක් තුළින් මුළු අධිවේගී මාර්ග පද්ධතිය තුළම කාඩ්පත් මුදල් ගෙවීමේ ක්‍රමවේදය  ක්‍රියාත්මක කිරීමට නියමිත බව එම ඒකකය වැඩිදුරටත් දන්වා සිටී.



අදහස් (2)

කාඩ් පතින් අධිවේගයේ ගාස්තු ගෙවීම අරඹයි

Manjula Friday, 11 April 2025 03:53 PM

මෙය හොඳ දෙයක්...!

:       0       0

පුරවැසියන් Friday, 11 April 2025 08:30 PM

නියමයි දැන් ඕක ඔහොම්ම කෝච්චි, බස්, ටැක්සි වලටත් වලංගුවන විදියට හැදුවා නම් රටේ ඉදිරි දියුණුවට පළමු පියවර වෙනවා. අනවශ්‍ය තරගයක් නෑ. මගීන්ගේ පහසුකම් දියුණු රටවල වගේ වේවි...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 743 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2400 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1756 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site