
(ගයාන් සූරියආරච්චි)
අරණායක ඇහැලගස්තැන්න ප්‍රදේශයේ නිවෙසකදී අවුරුදු 6ක කුඩා දරුවකුට අමානුෂික ලෙස පහර දුන් බව කියන මව ඇතුළු කාන්තාවන් 4 දෙනකු අද (17) අත්අඩංගුවට ගත් බව අරණායක පොලිසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ අරණායක ඇහැලගස්තැන්න ප්‍රදේශයේ පදිංචි දරුවාගේ මව (41), අවුරුදු 78 සහ 71 වයස්වල පසුවන මිත්තනියන් දෙදෙනකු සහ තවත් කාන්තාවක බව පොලිසිය පවසයි.
සමාජ මාධ්‍යවල පළ වූ වීඩියෝවට අනුව වහාම ක්‍රියාත්මක වූ අරණායක පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක රාහුල කන්දෙවත්ත මහතා සහ ළමා හා කන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි එස්.එම්.ඩී.ඩබ්ලිව්. සෙව්වන්දි මහත්මිය ඇතුළු නිලධාරීහු සැකකරුවන් අත්අඩංගුවට ගත්හ.
වයස අවුරුදු 6 ක කුඩා දරුවකුට එම දරුවාගේ ආච්චිගේ සහෝදරියන් දෙදෙනකු දරවාගේ නිවෙස ඉදිරිපිට මිදුලේ දී අමානුෂ ලෙස අතින් පහරදී බිමදිගේ දරුවාගේ අත් දෙකෙන් නිවෙසට ඇදගෙන අයුරුද වීඩියෝවේ දක්නට ඇත.
මෙම සිදුවීම ඉකුත් (12) වැනිදා දහවල් කාලයේ සිදුවී ඇති බව පොලිසිය පවසයි.
පහර කෑමට ලක්වූ දරුවා මාවනැල්ල රෝහලේ ප්‍රතිකාර ලබන අතර දරුවා පොලිස් භාරය යටතේ පවතින බව පොලිසිය පවසයි.
සැකකාරියන් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව තිබිණි.
මහනුවර දිසාව බාර ජ්‍යෙස්ඨ පොලිස් අධිකාරී අනුරුද්ධ බණ්ඩාරනායක මහතාගේ උපදෙස් පරිදි අරණායක පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රාහුල කන්දෙවත්ත මහතාගේ ප්‍රධානත්වයෙන් ළමා හා කාන්තා අංශයේ ස්ථානාධිපතිනි එස්.එම්.ඩී.ඩබ්ලිව්. සෙව්වන්දි මහත්මිය ඇතුළු නිලධාරීහු පිරිසක් වැඩිදුර විමර්ශන සිදුකරති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කුකුල් චමින්ද දෙවැනි කොටස...
අපි තාම ජීවත් වෙන්නේ මනුෂ්‍ය වෙස් ගත්තු සත්තු ජීවත් වන සමාජයක! කවුරු මොන දේශනාව කරත් අපේ රට නුගත්කම ම්ලේච්ඡත්වයෙන් ගලවා ගැනීම අතිශයින්ම දුෂ්කරයි.
වැරදි වැඩක් තමයි. ඒ උනත් අල්ලන්නේ ඔය වගේ දුප්පත් අසරනයෝ විතරයි . මිරිස් කුඩ්ඩා ගුවන් තොටුපලේදී මිනිහෙකුට ගහලා "මට කේන්ති ගියා කිව්වා."ඌව ඇල්ලුවේ නැහැ.