
(කේ බුද්ධික කුමාරසිරි, ගයාන් සූරියආරච්චි සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
වැටලීකට ගිය පොලිස් නිළධාරීන් කණ්ඩායමකට කොට්ටාව පැලැන්වත්ත දී වෙඩි තැබීමට සැරසුණු මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුට ප්‍රතිප්‍රහාර එල්ල කිරීමෙන් පසු තුවාල ලැබූ සැකකරු මෝටර් රථයකින් පලා ගොස් රෝහල් ගත වීමට යාමේදී අත් අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
අත් අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන "පෝනා" නැමැත්තා විසින් මත්ද්‍රව්‍ය තොගයක් රැගෙන පිළියන්දල ප්‍රදේශයට පැමිණෙන බවට බස්නාහිර දකුණ කොට්ඨාසයට අනුයුක්ත විශේෂ පොලිස් කණ්ඩායමකට ලද තොරතුරක් මත එම සැකකරු අත් අඩංගුවට ගැනීම සදහා වැටලීමක් සිදු කර ඇත.
එම වැටලීම සදහා අතුරුගිරිය පොලිසියේ නිළධාරියකු ඇතුළු බස්නාහිර දකුණ කොට්ඨාසයට අනුයුක්ත විශේෂ පොලිස් කණ්ඩායමේ නිළධාරීන් පිරිසක් ත්‍රීරෝද රථයකින් කොට්ටාව ප්‍රදේශයට ගොස් තිබුණි.
එහිදී සැකකාර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන "පෝනා" නැමැත්තා මත්ද්‍රව්‍ය තොගයක් හුවමාරු කර ගැනීමට සූදානම් වූ අවස්ථාවේදී පොලිස් නිළධාරීන් දැක මෝටර් රථයකින් පලා යමින් පොලිස් කණ්ඩායමට වෙඩි තැබීමට උත්සාහ කළ අවස්ථාවේදී පොලිස් කණ්ඩායම විසින් ද ප්‍රතිප්‍රහාර ලෙස වෙඩි ප්‍රහාර කිහිපයක් එල්ල කල ද සැකකරු මෝටර් රථයෙන් පලා ගිය බවද පොලිසිය පවසයි.
(ඡායා බිමල් ශ්‍යාමන් ජයසිංහ)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිසියට පුහුණු කරන්න ඕන ඉලක්කයට වෙඩි තියන්න. එහෙම කලානම් රජයට විශාල වියදමක් ඉතුරු කරගන්න පුළුවන්.