(ඩබ්ලිව් ඩී. එම්. විතානගේ සහ සුදත් පුබුදු කීර්ති )

බන්ධනාගාර ගතවී සිටින මහා පරිමාණ මත්කුඩු ජාවාරම්කරුවකු මෙහෙයවන මත්කුඩු ජාවාරමකට සම්බන්ධ බන්ධනාගාරයේ හිටපු ගබඩා පාලකවරයෙකු සමඟ  පස්දෙනෙකු යබරලුව  , කිරිඇලමුල්ල ප්‍රදේශයේ නිවෙසකදී  අත් අඩංගුවට ගෙන ඇතැයි බියගම පොලිසිය පවසයි. 

ඒ සමගම මොවුන් ළඟ තිබි හෙරොයින් ,අයිස් මත්ද්‍රව්‍ය සොයාගත්ගත් බවද පොලිසිය සදහන් කරයි .  මේ නිවෙස පොලිසිය විසින් වටලන අවස්ථාවේ මොවුන්   මත්කුඩු පැකට් කරමින් සිටි බවත් පොලිසිය කියයි. 

මෙහිදි අත් අඩංගුවට ගත් බන්ධනාගාරයේ හිටපු ගබඩා පාලකවරයා දැනට සේවයෙන් පහ කර තිබෙන බවද පොලිසිය කීය. 

 

.