(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු එම ජාවාරමෙන් නීති විරෝධී ලෙස උපයාගන්නා ලද මුදලින් මිලදී ගෙන ඇති බවට සැලකෙන රුපියල් කෝටි 10 කට අධික වටිනාකමින් යුත් සුඛෝ භෝගී නිවාස දෙකක් සහිත ඉඩම් දෙකක් මුදල් විශුද්ධ කරන වැළැක්වීමේ පනත යටතේ අද සිට දින 14 ක කාලයකට ක්‍රියා විරහිත කිරීමේ නියෝග ලබා ගත් බව නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය සඳහන් කරයි.

මීට වසර හයකට පමණ ඉහතදී  පෑලියගොඩ පොලිසි ස්ථානය මගින් ජීප් රථයකින් හොරයින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් සැකකරුවන් හත් දෙනකු අත්අඩංගුවට ගෙන තිබූ බව පොලිසිය කියයි.

එම සැකකරුවන් සම්බන්ධයෙන් පොලිස්පති නියමෙන් මුදල් විශුද්ධිකරණය වැළකීමේ පනත ප්‍රකාර වන නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය මගින් විමර්ශනයක් ආරම්භ කෙරිණි.

එම සැකකරුවන් අතර සිටි පෑලියගොඩ ප්‍රදේශයේ පදිංචි සැකකරුවකු  මත්ද්‍රව්‍යය ජාවාරමෙන් රුපියල් කෝටි පහක් පමණ වටිනා කඩවත මහර ප්‍රදේශයේ පර්චස් 19.90 කින් යුත් විශාල ඉඩම එහි ඉදිකර ඇති දෙමහල් සුඛෝභෝගී නිවස හා එවැනිම වටිනාකමින් යුත්තේ කැලණිය සිංහාරමුල්ල ප්‍රදේශයේ පර්චස් 18 ක විශාල ඉඩම සහ එයි ඉදිකර ඇති සුඛෝපභෝගී දෙමහල්නිවස සඳහා කියා විරහිත කිරීමේ නියෝග ලබා ගත් බව පොලිසිය කියයි.