
(චමිලා අල්විස්)
ප්‍රවාහන අමාත්‍යාංශයට අනුබද්ධ ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය සහ හොරණ පොලිසිය එක්ව හොරණ නගරයෙන් ගමන් ආරම්භ ලංගම සහ පෞද්ගලික බස් රථ රියදුරන් ඉලක්ක කර සිදු කළ විශේෂ විෂ මත්ද්‍රව්‍ය පරීක්ෂණ මෙහෙයුමකදී මත් ද්‍රව්‍ය පානය කළ බවට සැක රියදුරන් 10 දෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.
මගී ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීම සහ විෂ මත්ද්‍රව්‍ය භාවිත කරමින් රථවාහන ධාවනය කිරීම වැළැක්වීමේ අරමුණින් මෙම හදිසි පරීක්ෂණ මෙහෙයුම ක්‍රියාත්මක කර ඇති බව බලධාරීහු සඳහන් කළහ.
මෙහෙයුම අතරතුර හොරණ නගරයේ සිට විවිධ ප්‍රදේශ වෙත ධාවනය වන බස් රථ 150ක් පරීක්ෂාවට ලක් කර තිබූ අතර, එහිදී රියදුරන් 10 දෙනෙකු විෂ මත්ද්‍රව්‍ය භාවිත කර ඇති බවට සිදුකළ මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇතැයි පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් හොරණ පොලිසිය භාරයට ගෙන වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇති අතර, ඔවුන් හෙට දිනයේ හොරණ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd