
(ගයාන් සූරිය ආරච්චි)
මත්ද්‍රව්‍ය හා සංවිධානාත්මක අපරාධකරුවකු වන වැල්ලේ ධනුෂ්ක නැමැත්තාගේ ගෝලයකු කඩු 10 ක් සමඟ අත්අඩංගුවට ගත් බව මට්ටක්කුලිය පොලිසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි පුද්ගලයෙකි.
මට්ටක්කුලිය පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් මට්ටක්කුලිය අලිවත්ත කෝවිල අසලදී හෙරොයින් ග්‍රෑම් 16 ක් සහ මිලිග්‍රෑම් 400 ක් සමග සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණි.
ඒ අනුව සැකකරු සම්බන්ධයෙන් සිදුකළ වැඩිදු විමර්ශන වලින්අනතුරුව සැකකරුගේ නිවස පරීක්ෂා කිරීමේදී සඟවා තිබූ මෙම කඩු දහය පොලිසිය සොයාගෙන තිබුණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ රටේ අනාගත දරු පරම්පරාව ඉවරයි වගේ...
යුද්දෙට නැති කඩු කොස් කොටන්නද?
අවුරුදු 22 ක් කියන්නේ ඒ කාලේ අපි මොනවද කරලා තියෙන්නේ...
රට විනාශ කරන හෙරොයින්, අයිස්, කුඩු, ගංජා වහාම නවත්වනු... එය රජයේ වගකීමක්
මට්ටක්කුලිය පැත්තේ මේවා වැඩියි.
මෙතරම් බණ අහන රටක වැල්ලේ ධනුෂ්කලා වගේ අය කොහොම ඉන්නවද මන්දා...
තවත් සැක කරන්න පුළුවන් අය ඔතැන ඉන්න පුළුවන්. පොඩ්ඩක් ඒ ගැන බලන්න.
මේවා හින්දා රටම පිරිහෙනවා
අපෝ බොහොම පොඩ්ඩයිනේ හොයාගෙන තියෙන්නේ... ටොන් ගණන් ඇති පාර්ලිමේන්තු මැති ඇමැතිවරු ළග... හැබැයි ඒ කාලේ