(ගයාන් සූරිය ආරච්චි)

මත්ද්‍රව්‍ය හා සංවිධානාත්මක අපරාධකරුවකු වන වැල්ලේ ධනුෂ්ක නැමැත්තාගේ ගෝලයකු කඩු 10 ක් සමඟ අත්අඩංගුවට ගත් බව මට්ටක්කුලිය පොලිසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචි 22  හැවිරිදි පුද්ගලයෙකි.

මට්ටක්කුලිය පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් මට්ටක්කුලිය අලිවත්ත කෝවිල අසලදී හෙරොයින් ග්‍රෑම් 16 ක් සහ මිලිග්‍රෑම් 400 ක් සමග සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණි.

ඒ අනුව සැකකරු සම්බන්ධයෙන් සිදුකළ වැඩිදු විමර්ශන වලින්අනතුරුව සැකකරුගේ නිවස පරීක්ෂා කිරීමේදී සඟවා තිබූ මෙම කඩු දහය පොලිසිය සොයාගෙන තිබුණි.