
(සුජිත් හේවාජුලිගේ සහ ඩයනා උදයංගනී)
කඨින පූජෝත්සවවලදී සහ වෙනත් ආගමික උත්සවවලදී ආගමික ස්ථානයකට උචිත ගීත පමණක් වාදනය කරන්නැයි බුද්ධශාසන , ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය දැනුම්දී ඇත.
ආගමික ස්ථානවල පූජනීයත්වය ආරක්ෂා වන ආකාරයට කටයුතු කරන්නැයිද උපදෙස්දී ඇත.
ඇතැම් කඨින උත්සවලදී ආගමික උත්සවවලට උචිත නැති ගීත වාදනය කිරීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍යවලින් විවිධ විවේචන එල්ල වීම සැලකිල්ලට ගෙන අමාත්‍යාංශය මෙම දැනුම්දීම කර
ඇත.
එසේම කඨින පූජෝත්සව සෞඛ්‍ය මාර්ගෝපදේශ වලට අනුගතව පැවැත්විය යුතු බවද අමාත්‍යාංශය දැනුම් දෙයි .
පූජනීය ස්ථානවල භක්ති ගීත ප්‍රචාරය කිරීමේ දී හා පෙරහැර සංවිධානය කිරීමේ දී වර්තමානයේ පවතින ජනප්‍රිය ගීත නොව ආගමික පසුබිමක් පවතින, ආගමික ස්ථානයකට උචිත ගීත පමණක් භාවිත කරමින් ආගමික ස්ථානයේ පූජනීයත්වය ආරක්ෂා කර ගැනීමට කටයුතු කළ යුතු බවද අමාත්‍යාංශය වැඩිදුරටත් දැනුම්දී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බැරිද බොදුබල එකේ ඥාණසාර හාමුදුරුවන්ට සර්ට කියලා පෙරහැරේ ගහන්න ඕනෑ සින්දු කවි ගීත මොනවද කියලා ගැසට් එකක් ගස්සවන්න...
නිදහස් දින සමරු උත්සවයේදී 'ආජු තත්පර ලාහිලා' කියන සින්දුව තෝරාගෙන සංකර නැටුමකුත් දාපු රටක් මේක. කඨිනවලට විච්චුරන සිංදු නොකිය ඉඳීද? අම්මප.
හොද අදහසක් . ඉතා වැදගත් යෝජනාවක්.
බුදුන්වහන්සේ කථින පින්කම් ගැන මොන සූත්‍රයේද දේශනාකොට වදාලේ?
ලවුඩ්ස්පීකර් නිසා හරිම කරදරයක් වෙලා තියෙන්නෙ. මේ දවස්වල A /L , O / L විභාග වලට පාඩම් කරන අපේ දරුවන්ට හරිම හිරිහැරයි.
පල්ලිවලින්, පන්සල්වලින් උදේට හැන්දෑවට ලවුස්පීකර් දාගෙන බෙරිහන් දෙමින් කරන යාතිකා ගීතිකා අඳෝනාවල් මේ සියලුදේත් වහාම නතර කළ යුතුයි. හරියට තරඟයකට වාගේ මේ ශබ්ද දූෂණය කරන්නේ. කොච්චර වැන්දත්, යෑත්දත්, අඳෝනාවල් කලත් රටටත් ජනතාවටත් වෙලා තියෙන යහපත මොකක්ද? දිනෙන් දින රට වලපල්ලටම යන්නේ.
ඕයේ ඔජායේ හොඳ නැත්ද ?