(විමුක්ති එස් රුද්‍රිගු)
කොළඹ කොටස් වෙළෙඳ පොළේ විදේශ ශුද්ධ ආයෝජන ප්‍රමාණය වසර දහයකට පසු වාර්තා කළ ඉහළම අගය වාර්තා කිරීමට මෙම වසරේ සමත්ව ඇත.
කොළඹ කොටස් වෙළෙඳ පොළේ ශුද්ධ විදේශීය ආයෝජන ප්‍රමාණය වසර දහයකට පසු මෙම වසරේදී රුපියල් බිලියන 24.06 ක් ලෙස වාර්තා වී තිබේ.
මීට පෙර කොටස් වෙළඳපොලේ වැඩිම විදේශ ශුද්ධ ආයෝජන ප්‍රමාණයක් වාර්තා වූයේ 2013 වසරේදීය.එම වසරේදී රුපියල් බිලියන 22.07 ක් විදේශ ශුද්ධ ආයෝජන ප්‍රමාණයක් කොළඹ කොටස් වෙළඳපොළ ලබා ගෙන තිබුණි.
කොළඹ කොටස් වෙළඳපොළ ඉතිහාසය තුළ වැඩිම විදේශ ශුද්ධ ආයෝජන ප්‍රමාණයක් වාර්තා කළ වසර ලෙස 2012 වසර සැලකේ.එහිදී රුපියල් බිලියන 38.6 ක විදේශ ශුද්ධ ආයෝජන ප්‍රමාණයක් කොටස් වෙළඳපොළට ලැබී ඇත.
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
කොටස් වෙළෙඳපළ විදේශ ආයෝජන වාර්තා තබයි
pradeep Monday, 19 December 2022 05:05 PM
ඩොලර් එක තව වැඩි වුණා නම් තවත් වැඩිවේවි.
jaya Monday, 19 December 2022 05:08 PM
2013 ඩොලරය 130 .... 2022 ඩොලරය 370.., රුපියල් වලින් නම් ආයෝජනේ වැඩිවෙලා. අනේද කියන්නේ?
sachithMonday, 19 December 2022 06:52 PM
හිතාගෙන ඉන්නේ අංක ගණිතයෙන් රට දියුණු කරලා කියලා කියන්න කොහොම හරි... පොඩ්ඩක් මොලේ කල්පනා කළානම් මේකෙ වහලා තියෙන දේ පේනවා. ඔබතුමා වගේ අය අඩු නිසා තමයි මෙයාලා මේ වගේ අතේ පැලවෙන බොරු කියන්නේ...
Muthu Monday, 19 December 2022 09:54 PM
සම්පූර්ණයෙන්ම මේ ඩොලර් එකේ අනාගත වටිනාකම ගැන හිතලා කරන කොටස් මිලදී ගැනීම්. අපි හොඳ නිසා එනවා නෙවෙයි මේ. මේක අනික් පැත්ත වුණා මැලේසියා වල 2008 අවුරුද්දේ. සේරම විදේශ ආයෝජන එක සැරේ එළියට ගියා. අපිටත් මේකම වෙනවා, ඩොලර් එක නිදහස් කරලා ස්වභාවික සමතුලිත මට්ටමකට ගියේ නැත්නම්. එක පාර වුණොත් අපි හයිටියට එහා යනවා.