(ඉන්දිකා රාමනායක)

නීති විරෝධී ලෙස කොටස් එකලස් කර සුඛෝපභෝගී මෝටර් රථයක්, ව්‍යාජ ලේඛන සකස්කර රුපියල් ලක්ෂ 25 ට අලෙවි කිරීමට තැත් කළ සැකකරුවෙක් නාරාහේනිපිට ශාලිකා ක්‍රිඩංගනය අසලදි පානදුර වලාන දුෂණ මර්දන ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අද (13) පෙරවරුවේ අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය කියයි.

රුපියල් ලක්ෂ 70 ක් පමණ වටිනා මෙම වාහන  සැකකරු ගැටුම් කරුවෙක්  අලෙවි කිරීමට යාමේ දී අත්අඩංගුවට ගෙන ඇත.

මෙම මෝටර් රථයේ සවිකර තිබු අංකය නැනෝ  කැබ් රථයක අංකය  බවද   පොලිසිය කියයි.